Sunday, July 12, 2026
Follow Us
අරුවක්කාලුවේ විශේෂිත පොසිල කෞතුකාගාරයක් ඉදිකිරීම ඇරඹේ
පාසල් සිසුන්ගේ, විශ්වවිද්යාල ශිෂ්යයන්ගේ හා පර්යේෂකයන්ගේ අධ්යාපනික සහ පර්යේෂණ අවශ්යතා සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් පොසිල අධ්යයනය සඳහාම වෙන් වූ විශේෂිත කෞතුකාගාරයක් ඉදිකිරීමේ කටයුතු රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (11) පුත්තලම අරුවක්කාලු ප්රදේශයේදී ආරම්භ කෙරිණි.
අරුවක්කාලු ප්රදේශය වසර මිලියන ගණනක් පැරණි මයෝසීන (Miocene) යුගයට අයත් වටිනා ශාක හා සත්ත්ව පොසිල බහුලව හමුවන ශ්රී ලංකාවේ සුවිශේෂී පුරාවිද්යාත්මක කලාපයක් ලෙස සැලකේ. එහි ඇති අද්විතීය උරුම වටිනාකම හේතුවෙන් රජය විසින් ප්රදේශයේ ස්ථාන කිහිපයක් ආරක්ෂිත පුරාවිද්යා කලාප ලෙස ප්රකාශයට පත් කර ඇති අතර, පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර 6ක භූමි ප්රමාණයක් විශේෂ පුරාවිද්යාත්මක රක්ෂිතයක් ලෙස ද නම් කර ඇත