Tuesday, April 21, 2026
Follow Us
Social and Equity
2023 වර්ෂයේ කබරගල වත්ත නාය යාමෙන් අවතැන් වූ පවුල් 50 ක් වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ ප්රතිපාදන මත ඉදිකෙරෙන කබරගල නිවාස ව්යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
Social and Equity
අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කරන බව තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක්නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
Social and Equity
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් 24 නාවික හමුදාව විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කෙරුණු අතර, එම මෙහෙයුම පසුගියදා (10) නාවික හමුදාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර, එම සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවශ්ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.
Social and Equity
දඹුල්ල හා සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් "Dambulla Bustaurant" නමින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම මධ්යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්ය අමාත්යය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් දඹුල්ල, පැල්වෙහෙරේ දී ඊයේ (15)  සිදුකෙරිණි.
Social and Equity
 
එකිනෙකාට ගරු කිරීම, අන්ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු යැයි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සඳහන් කරයි.
Social and Equity
දීර්ඝ කාලයක් මෙරට රාජ්ය පාලනයේ නෙත නිසි ලෙස නොගැටුණ ශ්රී ලංකා තැපැල පසුගිය වර්ෂයේ සුවිශාල පිබිඳීමක් ලබා තිබේ.
Social and Equity

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ( 16) පස්වරුවේ පැවැත්වේ.

Social and Equity
2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි
Social and Equity
අන්තර්ජාල කුලී රථ සේවාවන් වහාම නියාමනය කරන ලෙසත්, දේශීය සහ විදේශීය මගීන් සඳහා වෙනම සේවා ක්රමවේදයක් හඳුන්වා දෙන ලෙසත් ඉල්ලා පසුගියදා (09) නුවරඑළිය දි විරෝධතාවක් පැවැත්විණි.
Social and Equity
Lanka Ride පාපැදි සවාරිය අද ආරම්භ වේ.
Social and Equity
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (13) පැවැති ‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයේ දී චන්ද්රා කුසුමාවතී එවරිට්, ජී.රසංග ප්රගීන් ප්රනාන්දු, පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම් සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් ඉඩම් පරිත්යාග සිදු කරනු ලැබීය.
Social and Equity
දිට්වා කුණාටුව හේතුවෙන් හානියට පත් මහනුවර - බදුල්ල රජ මාවතේ බෙලිඋල් ඔය පාලමේ සවිකල බේලි පාලම, ඉන්දිය මහ කොමසාරිස් සන්තොස් ජා මහතා සහ ප්රවාහන මහා මාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන , අධ්යාපන උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනවිරතන යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඊයේ(10) ජනතා අයිතියට පත්කිරීම සිදු විය.
Social and Equity
පසුගිය වසර මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්
ජනපති උතුරු පළාත් තෛපොංගල් උත්සවයේදී පවසයි
Social and Equity

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, එම වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනැමීය.

Social and Equity

අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ ගැටලුව විමසීමට පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යෙව්දී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකරුවන් පිරිසක් අද (8) පරිසර අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡාවක් සිදු කරන ලදී.

එහි දී අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා විය. ඒ අනුව පරිසර අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ මෙම පාරිසරික සංවේදී කලාපයේ පාරිසරික සංරක්ෂණයට අදාළ කොටස පිළිබඳ සැළකිලිමත් වෙමින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. පරිසර අමාත්‍යවරයාගේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් මෙම තත්වය සම්බන්ධව නිසි අධ්‍යනයක් සිදු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇත.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු ජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාව කන්දට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බව ද පරිසර අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමට ද ඉදිරි දින කිහිපයේ දී කටයුතු කෙරෙනු ඇත.

විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය දිනක මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

Social and Equity

බහු ජාතික, බහු ආගමික සහ බහු භාෂාමය සමාජයක පැවැත්ම තහවුරු වන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට සියලු දෙනා ම දක්වන කැපවීම මත ය. එමෙන් ම ඒ ඒ සංස්කෘතීන්ගේ හර පද්ධතින් නිවැරදි ව කියවා ගනිමින් කටයුතු කිරීම තුළ ය. හින්දු බැතිමතුන් ඉමහත් සතුටින් සමරන තෛපොංගල් උත්සවය අපට කියා දෙන පාඩම මැනවින් හඳුනා ගතහොත් එය අපගේ ජීවිතවලට ඉමහත් රුකුලක් වනු ඇත.

Social and Equity

'Rebuilding Sri Lanka’ වෙනුවෙන් සිදු කෙරෙන පරිත්‍යාග හා ඒ ආශ්‍රිත තොරතුරු  ඇතුළත් www.rebuildingsrilanka.gov.lk  වෙබ් අඩවිය එළිදැක් වේ

Social and Equity
දිට්වා සුළි කුණාටුවෙන් ශ්රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්රියාවලිය පිළිබඳ ජාතික දෘශ්ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ශය සහ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්ය අංශය, වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට මෙන්ම මහජනතාවටද ආරාධනා කර සිටී.