Monday, January 19, 2026
Follow Us
Social and Equity

 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Social and Equity
2030 වසර වන විට ශ්රී ලංකාවේ සියලුම ගම්මාන ඵලදායීතා ගම්මාන බවට පත්කිරීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අරමුණ බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ පසුගියදා (14 දා ) කොළඹදී පැවති ජාතික ඵලදායිතා සමුළුවේ විශේෂ දේශනය පවත්වමිනි.
Social and Equity

දැනට ආරක්‍ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි.

Social and Equity

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී  ඇති තිබේ.

Social and Equity

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Social and Equity
“රැකෙන වෙරළ රැකගනිමු”යන සංකල්පයට අනුව දෙස් විදෙස් සංචාරකයින් අතර සුපතල මාතර වැලිගම වෙරළතීරය පැලෑන සිට කප්පරතොට දක්වා පිරිසිදු කිරීමේ ශ්රම මෙහෙයුම බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා(15) උදෑසන සිදු කෙරිණි.
Social and Equity

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්.

  • අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි
Social and Equity
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ කළමනාකරණය කිරීම ප්රවර්ධනය කිරීම හා ව්යවසායකයින් දිරිමත්කිරීම අරමුණු කරගනිමින් “PLASTICS” ව්යාපෘතිය යටතේ සංවිධානය කළ ගැනුම්කරු - විකුණුම්කරු සංසදයක් කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (11) පැවැත්විනි.
Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.

Social and Equity

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 ක් සහ නියාමකවරුන් 06 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් අද (14) සිදු විය.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"නව රජය ගියවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රු. බිලියන 110 ක් වෙන්කළා. මෙවර අයවැයෙන් ඒ සඳහා තවත් බිලියන 110 ක් වෙන්කළා. 2027 සඳහාත් ඒ සමාන මුදලක් වැටුප් වෙනුවෙන් වෙන්කිරීමට නියමිතයි.මේ සේරම කරන්නේ මහජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්නයි. දුම්රිය සේවයේ සෑම අංශයකම මානව හිඟයක් තියෙනවා. නව රජය පත්වෙලා අපි කරපු ප්‍රථම රාජකාරිය තමයි ඒ හිඟය පුරවන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීම. නමුත් බඳවා ගැනීම සිදුකිරීමට මාස 10 ක් ගත වුණා. ඉදිරියේදී මෙවැනි කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

දුම්රිය රියදුරන් සඳහා පුරප්පාඩු 192 ක් තිබුණා. ඒ වෙනුවෙන් අයැදුම් පත්‍ර 698 ක් ලැබී තිබුණා. නමුත් අද එම තනතුර වෙනුවෙන් අපට බඳවා ගන්න හැකි උනේ  88 ක් පමණයි. දුම්රිය නියාමකවරුන් සඳහා ඉල්ලුම් පත්‍ර 1302 ක් ලැබී තිබුණත්, අදාළ විභාගය සමත්වී තිබුණේ 57 ක් පමණයි. නියාමක පුරප්පාඩු  136 ක් පැවතුනත් මෙම 57 දෙනා අතරින් අද අපට නියාමකවරුන් වශයෙන් බඳවා ගන්නෙ 06 ක් පමණයි. මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මෙයට ප්‍රධානම හේතුව තමයි මම කලින් කිව්වා වගේ සහතික වලට පමණක් සුදුසුකම් සීමාවීම යැයි පැවසීය.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ප්‍රමුඛ දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.

Social and Equity
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය සංවිධාන කළ ජාතික විද්යා සතියේ එක් වැඩසටහනක් ලෙස එම අමාත්යාංශය කැළණිය විශ්වවිද්යාලයේ කාර්මික පරිපාලන අධ්යනාංශය සමඟ එක්ව ක්රියාත්මක කළ විද්යා හැකතන් තරගාවලියේ (Hackathon Series) අවසන් තරග ඊයේ දින(11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති අතර එහි සම්මාන ප්රදානය විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් එම පරිශ්රයේ දී පැවැත්විණි.
Social and Equity

රජය ආරම්භ කල පුරන්ව ගිය කුඹුරු නැවත අස්වැද්දීමේ ව්‍යාපෘතිය ය‍ටතේ බියගම කොක්කුළු වැව ආශ්‍රීත කුඹුරු යාය අස්වැද්දීම හා ගංවතුර පාලනය කිරීමේ වැඩ සටහන නිරීක්ෂණය කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැමිණියේය.

Social and Equity

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය - 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.

Social and Equity

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Social and Equity

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි. 

Social and Equity

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40ක් සපිරීම වෙනුවෙන් වූ විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවේ සමාරම්භය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

Social and Equity
35th YOUTH SPORTS FEST 2025 දිස්ත්රික් ක්රීඩා උලෙළ ඊයේ (09දා) කිලිනොච්චි දිස්ත්රික් ක්රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.