නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බඳවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
දිවයින පුරා වෙසෙන සංඝයා වහන්සේලාගේ වැඩම කිරීමෙන් සිදුවන මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද (20 වැනිදා) පස්වරු 2.00ට පැවැත්වේ.
වෙළෙඳපොළේ ලාෆ් සන්නාමය සහිත ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වෙයි.
බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ වී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බඳවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට අද (19) සිදුවිය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 179ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේ දී (19.3) පසුකර යෑමට සිම්බාබ්වේ සමත් විය.
ඓතිහාසික රයිගම් කෝරළයේ හොරණ රජමහා විහාරස්ථානයේ 2026 නවම් මහා පෙරහැර මංගල්‍යය වීථි සංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (14) රාත්‍රියේ සිදු කෙරිණ.
Page 8 of 747