Monday, January 19, 2026
Follow Us
Social and Equity
බුත්තල මොණරාගල ප්රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්රදේශයට අයත් එකොලහ කණුව ප්රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වී තිබේ.
Social and Equity

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙට (07) (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) සිදු කිරීමටත් අනතුරුව 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් නියමිතය.

Social and Equity

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IOWave ) හෙට(05) පෙරවරු 8.30 දිස්ත්‍රික්ක හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

Social and Equity

"2026 වසරේ දී කලුන්ඩායි සෞන්දර්‍ය නිකේතනය ගොඩනඟන බවත් එහි දී බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ දී දමිළ තරුණයාට තරුණියට උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් හැදෑරීමේ අවස්ථාව හිමිවනවා සේම, දකුණේ තරුණයාට තරුණියට කලුන්ඩායි සෞන්දර්ය නිකේතනයේ දී භරත නාට්‍යයම් හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.

Social and Equity
ග්රාමිය සංවර්ධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්යාංශයේ ප්රතිපාදන මත මාතලේ සුදු ගඟ හරහා ඉදිකරනු ලැබු අංකන්ද එල්ලෙන පාලම ජනතා අයිතියට පත්කිරිම බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
Social and Equity

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩකයින් ගුවන් හමුදාපතිවරයා ඇගයීමට ලක් කර තිබේ.

Social and Equity
“ක්ලීන් ශ්රී ලංකා” ජාතික වැඩසටහන යටතේ "PLEASE” ව්යාපෘතියේ මූල්ය දායකත්වය මත කොළඹ ප්රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්රව්ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ නියමු වැඩසටහන පසුගියදා (07) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ නාවල පිහිටි ඇළ මාර්ගය අසලින් ආරම්භ කෙරිණි.
Social and Equity

දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ල NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

Social and Equity

පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද (09) ආරම්භ කිරීමට නියමිතයි.

Social and Equity

ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත්ව සිටී.

Social and Equity

ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවක් පවතින බවත්, සමාජය යථාවත් කිරීමට භික්ෂුවගේ උරුමය, යතිවර පරපුරේ කාර්යභාරය මේ සමාජයට යළි අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Social and Equity

රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගන්න - අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

Social and Equity
මලයගම් ප්රජාව සිටින වතුකරය තුල ඇති අබලන් වූ මාර්ග අලුත් වැඩියා කොට සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව තම අමාත්යාංශය හරහා මෙම රුපියල් මිලියන 500ක මුදල වැය කර වතු ආශ්රිත මාර්ග විශාල ප්රමාණයක් සංවර්ධනය කරන බවත් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා කියා සිටියේය.
Social and Equity
නාවික හමුදාව, ශ්රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, මත්ද්රව්ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 250කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්රව්ය තොගය නිරීක්ෂණය සඳහා ගරු ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
Social and Equity
"Youth link" Sri Lanka' තරුණ හුවමාරු වැඩසටහනේ පළමු අදියර නොවැම්බර් 7 වැනිදා සිට නොවැම්බර් 12 වෙනිදා දක්වා යාපනයේ දී පැවැත්වේ.
Social and Equity

දීර්ඝ කාලීන පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කර නිවැරදි පුරුදුවලට හුරු විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

Social and Equity
ජනාධිපති අරමුදලෙන් ක්රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (02) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්විණි.