Wednesday, August 26, 2026
Follow Us
ඉන්දු -ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් කුරුණෑගල බෙයිලි පාලම ඉදිකිරීමේ කටයුතු සාර්ථකව නිම කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සෙබළුන් සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය (ETF) එක්ව කුරුණෑගල, කබල්ලෑව පාලම ආසන්නයේ අඩි 100 ක් දිගැති බෙයිලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු සාර්ථකව නිම කර ඇත.

අගෝස්තු 22 වන දින ආරම්භ කර මෙම ඉදිකිරීම් කටයුතු අගෝස්තු 24 වන දින සාර්ථකව අවසන් කරන ලද අතර, ඒ සඳහා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ (1 SLE) කණ්ඩායමක් ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය හා එක්ව කටයුතු කරන ලදී.

දළ වශයෙන් අඩි 100 ක දිගකින් සහ අඩි 17 ක පමණ පළලකින් යුත් මෙම නව බෙයිලි පාලම මගින් ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන කටයුතු වඩාත් පහසු කරලීමටත්, සම්බන්ධතාවයන් සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සෙබළුන්ගේ  සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකායේ වෘත්තීයමයභාවය, තාක්‍ෂණික කුසලතාව සහ ප්‍රබල කණ්ඩායම් හැඟීම මනාව විදහා දැක්වෙයි.