Tuesday, September 01, 2026
Follow Us
එල් නිනෝ හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීම රු.මි. 3000ක්

දිවයින පුරා පවතින එල් නිනෝ බලපෑම හේතුවෙන් උද්ගත වූ වියළි කාලගුණික තත්ත්වයෙන් හානියට පත් වූ වගාවන් වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමේ කඩිනම් වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. අපහසුතාවයට පත් ගොවි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.

මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්රික්කයන්හි පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු ඇතුළු බෝග ගණනාවකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වී තිබේ.
මේ වන විට හඳුනාගෙන ඇති පරිදි වී වගා හානිය පහත පරිදි වේ:
අනුරාධපුරය: අක්කර 1,923
මොණරාගල: අක්කර 1,401
පොළොන්නරුව: අක්කර 1,259
අම්පාර: අක්කර 1,055
හම්බන්තොට: අක්කර 783

සමස්තයක් ලෙස මෙම බලපෑමට ලක්වූ දිස්ත්

හානියට පත් වගාවන් සඳහා ඉදිරි ඊළඟ කන්නය ආරම්භ වීමට පෙර කඩිනමින් වන්දි මුදල් ලබාදීම රජයේ මූලික අරමුණයි. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශයේ උපදෙස් පරිදි වන්දි ගෙවීමේ කටයුතු වේගවත් කර ඇත.
මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු නිලධාරී කණ්ඩායම් ක්ෂේත්ර නිරීක්ෂණ හා හානි තක්සේරු කිරීම් සිදු කරමින් සහ අවසන් කරමින් සිටී.
ආවරණය වන බෝග : වී, බඩඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස්.
වන්දි ප්රමාණය: හෙක්ටයාරයක් සඳහා රු. 100,000/- බැගින්.
උපරිම සීමාව: එක් ගොවි මහතෙකු සඳහා උපරිම අක්කර 05 ක් දක්වා වන්දි හිමිවේ.
මේ අනුව මේ දක්වා තම වගා හානි පිළිබඳව දැනුම් දී නොමැති ගොවි මහතුන් පහත පියවර කඩිනමින් අනුගමනය කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය ඉල්ලා සිටියි.
- ඔබගේ ප්රදේශයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතුන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සංවර්ධන / ක්ෂේත්ර නිලධාරීන් හමුවී හානිය දැනුම් දෙන්න.
- නැතහොත්, ආසන්නතම ගොවිජන සංවර්ධන මධ්යස්ථානයේ පවත්වාගෙන යනු ලබන වගා හානි දැනුම්දීමේ පොතෙහි ඔබගේ වගා හානිය සටහන් කරන්න.
- වැඩිදුර තොරතුරු සහ විමසීම්:
 
මෙම වන්දි ගෙවීම් හා හානි දැනුම්දීම් සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීමට අවශ්ය නම්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් අවශ්ය තොරතුරු ලබාගත හැක.