ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (Montana National Guard) සහ පැසිෆික් ගුවන් හමුදාව (Pacific Air Forces) සමඟ එක්ව සංවිධානය කරනු ලබන “Atlas Angel – 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේදී පසුගියදා (31) ආරම්භ විය.
දින පහක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය 2026 සැප්තැම්බර් මස 04 වන දින දක්වා මහනුවර, දිගන, කොළඹ සහ කටුනායක යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම අභ්‍යාසය (ඊයේ) කොළඹ සහ කටුනායක ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර, එහි ආරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, (පුහුණු අභ්‍යාසය සම්බන්ධීකරණ නිළධාරි) කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේ අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ ගුවන් අංශයේ සහකාරඇඩ්ජුටන්ට් ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් මහතා ඇතුළු එක්සත් ජනපද තාකාපති කාර්යාලයේ නිලධාරීන්, සෙසු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.