Tuesday, September 01, 2026
Follow Us
යාපහුවෙන් හමුවූ නව පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ විශේෂ නිරීක්ෂණයක්
යාපහුව පුරාවිද්යා භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලින් අනාවරණය කරගත් පුරාවිද්යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා එක්ව සිටියේය.
 
මෙම නව කැණීම් මඟින් හඳුනාගෙන ඇති පුරාවිද්යාත්මක සාධක හරහා මෙරට ප්රෞඩ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මහාචාර්ය මංගල කටුගම්පොළ මහතා, මහාචාර්ය සමිත මානවඩු මහතා ඇතුළු පිරිසක්ද මෙම නිරීක්ෂණ අවස්ථාවට සහභාගි වුණා.