දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ පූර්ණ ලෙස නිවාස හානියට පත් වූ පවුල් පහක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ මංගල ශිලා තැන්පත් කිරීමේ උත්සව අවස්ථාවන් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (31) පැවැත්විණි.
ආපදාවලින් පීඩාවට පත් ජනතාවගේ බිඳ වැටුණු නිවාස සහ ජීවනෝපාය මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල, ජයරාජපුර සහ බරණන්කට්ටුව යන ග්රාමසේවා වසම්වල පදිංචි අගතියට පත් ප්රතිලාභී පවුල් වෙත මෙම නිවාස ආධාර පිරිනැමීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, ප්රතිලාභීන් වෙත ලබා දෙන මෙම මුදල් මහජන මුදල් වන බැවින් ඒවා උපරිම ඵලදායී ලෙස භාවිත කිරීමට ප්රතිලාභීන්ට ද විශාල වගකීමක් පවතින බවයි.