Wednesday, December 03, 2025
Follow Us
Social and Equity

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් පසුගිය (17) වනදා පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Social and Equity
 
ශ්රී ලංකා ගුවන් හමුදාව එහිදී ලබා දී ඇති දායකත්වය ආදර්ශවත් -ජනපති
 
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්ය සේවයක් රටට අවශ්ය බවත්, අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්යාපීඨ කඳවුරේදී ඊයේ (18) පැවති උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්රව්ය ජාවාරම සහ නීති විරෝධී ක්රියාකාරකම් ආවේක්ෂණය කිරීමේදී ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරයද මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවලදී ශ්රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වයද ඇගයීමට ලක් කළේය.
 
‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්රදානය සිදු කෙරිණි.
 
ලාංකේය ගුවන සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ශ්රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීම මෙහිදී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
 
පාඨමාලාවල සුවිශේෂී දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරී සහ නිලධාරිනියන්හට විශේෂ සම්මාන පරදානය කිරිමද මෙහිදි සිදු වු අතර, එහිදි දක්ෂතම පියාසර කැඩෙට් නිලධාරියාට හිමි සම්මානය කැඩෙට් නිලධාරි පරාක්රම ජයසුන්දර සහ සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි සම්මානය කැඩෙට් නිලධාරිනී අමේෂිකා වික්රමසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.
විසිර යාමේ පෙළපාළිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
 
අද කෙඩෙට් නිලධාරින් 66 දෙනෙකු ඉතා විනයානුකූල සහ අත්දැකීම් සහිත පුහුණුවකින් පසුව අධිකාරි ධුරයට පත් වෙනවා. එය එම නිලධාරීන්ගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. ඔබට මේ ලැබෙන්නේ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඉතාමත් දුලබ අවස්ථාවක්. ඒ නිසා පළමුවෙන්ම ඔබ පිළිබඳ අඩම්බර වෙන්නේ ඔබගේ දෙමාපියන්.සෑම දෙමාපියෙක් තුළම තමන්ගේ දරුවා ගෞරවනීය, වෘත්තිමය රැකියාවක නිරත වීම පිළිබඳව අපේක්ෂාවක් සහ සිහිනයක් තිබෙනවා.
 
අද ඔබ, ඔබගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කර තිබෙනවා. ඉතාමත් නිර්භීත තරුණ, ජව සම්පන්න කණ්ඩායමක් ලංකා මාතාව වෙනුවෙන් අපේ ගුවන් හමුදාවට එක් කිරීමට ඔවුන් දක්වන ලද දායකත්වය පිළිබඳ අපත් ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.
 
ඒ වගේම අද ඔබ එක් වන්නේ ලංකාවේ ඉතාමත් කීර්තිමත්, ගෞරවනීය සහ ඉහළ වෘත්තීමයභාවයක් සහ නිපුණතාවක් සහිත හමුදාවකට. මා සිතනවා ඔබට පැවරෙන පළමු වගකීම වන්නේ මෙම කීර්තිය සහ ගෞරවය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමයි. මොකද එක් නිලධාරියෙක් අතින් සිදු වන කවර හෝ අකටයුත්තකින් සමස්ත ගුවන් හමුදාව කෙරෙහි තිබෙන කීර්තියට බලපෑමක් ඇති වන බව ඔබ තේරුම්ගත යුතුයි. ඒ නිසා ඔබ තවදුරටත් සාමාන්ය තරුණයෙක් නොවෙයි. ඔබ හමුදාවක කීර්තිය, ගෞරවය සහ වටිනාකම තමන්ගේ උර මත පවරා ගත් නිලධාරියෙක්. එම හමුදාවේ ගෞරවය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම වගේම අපේ මාතෘ භූමියේ ආරක්ෂාව සහ අනාගතය පිළිබඳවත් ඔබට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා.
 
අපි දන්නවා අපේ මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔබ අතයි. එය සුවිශේෂී සහ අත්හළ නොහැකි වගකීමක්. අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට පැවරී තිබෙන, ඔබ දෙවුර මත දරා සිටින එම උත්තුංග වගකීම ඔබ නිසි ලෙස ඉටු කරයි කියන විශ්වාසය සහ බැඳීම අපට තිබෙනවා.
 
ඒ වගේම අපගේ මුහුදු තීරයේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා ඔබ සහාය ලබා දෙනවා. මා විශ්වාස කරනවා වර්තමානයේදී අපිට පැවරී තිබෙන විශාල වගකීම් අතර රාජ්යයක් ලෙස අපේ මුහුදු තීරයේ සීමාවන් අවේක්ෂණ කටයුතු සිදු කිරීමත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමත් ඉතා වැදගත්. ඒ මොකද අපේ මුහුදු සීමාව විශේෂයෙන් නීති විරෝධී සංක්රමණිකයන්, ඒ වගේම නීති විරෝධී භාණ්ඩ ප්රවාහනය, මත් කුඩු සහ මෑත කාලයේ අවි ආයුධ පවා රටට ඇතුළු වූ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ නිසා මුහුදු තීරය ආරක්ෂා කිරීම මවුබිමෙත්, මවුබිමේ වෙසෙන ජනතාවගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි. එම අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඔබ නිසි පරිදි ඉටු කරනු ඇතැ'යි අපිට විශාල විශ්වාසයක් තිබෙනවා.
 
විශේෂයෙන් වර්තමානයේ මත්ද්රව්ය, ඒ හා බැදුණු අපරාධ සහ ඒ අපරාධ හා සම්බන්ධ වූ දේශපාලනය සහ රාජ්ය යාන්ත්රණය තිබෙන බව අපි තේරුම් ගෙන තිබෙනවා. එහි ගැඹුර සහ විශාලත්වය අපට මැන ගත හැකියි. එය හුදු මත්ද්රව්ය ජාවාරමක්, හුදු අපරාධ කල්ලිවල ක්රියාකාරිත්වයක් නොවෙයි. එය දේශපාලනය සහ එකට බැඳී තිබෙනවා. රාජ්ය යාන්ත්රණයේ ඇතැම් කොටස් සෘජුව සහ වක්රව ඊට දායක වී තිබෙනවා. අපේ ගම් බිම් කරා එම ව්යසනය පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා එම ව්යසනය වැළැක්වීමේදී මුහුදේ අවේක්ෂණ කටයුතු ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඔබ වෙත පැවරෙන්නේ ඒ අවේක්ෂණ කටයුතු නිවැරදිව ඉටු කරමින් මවුබිමේත්, ජනතාවගේත් ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි.
 
අපේ රටේ සිදු වන හදිසි ආපදාවලදී ඔබට පැවරෙන්නේ අත්හළ නොහැකි වගකීමක්. මා දන්නවා පසුගියදා ඇල්ලේ සිදු වූ ඛේදවාචකයේදී ඔබ සිදු කළ මැදිහත්වීම රටම පිළිගෙන තිබෙනවා. ඔබගේ ක්රියාකාරිත්වය වැදගත් ක්රියාකාරිත්වයක් බව අපි තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා හදිසි ආපදාවලදී ගුවනින් ලබා දිය යුතු සහාය පැවරී තිබෙන්නේ ඔබ අතයි. එය ඉතා කාර්යක්ෂමව ඉටු කරනු ඇතැ'යි යන බලාපොරොත්තුව අපි තුළ තිබෙනවා.
 
ඒ වගේම අපේ රටට අවශ්ය ගුවන් නියමුවන්, තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ වගකීම සහ ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ඔබට පැවරී තිබෙනවා. ඒ නිසා අද ඔබ ප්රවිශ්ට වෙන්නේ අපේ රටේ අනාගතයේ ආරක්ෂකයන් සහ වගකීම් දරන්නන් ලෙසයි.
 
අද මේ රටේ සියලු වෘත්තීන්වලට වෘත්තීමයභාවයක් අවශ්ය වී තිබෙනවා. අද අපේ රටේ බොහෝ වෘත්තීන්වලට අත් වී තිබෙන ඉරණම එතරම් සුබවාදී තත්ත්වයක් නොවෙයි. වෘත්තිය පැවරී තිබෙන්නේ එහි ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි එය ඉටු කරමින් තිබෙන්නේ එහි අනාරක්ෂිතභාවය වෙනුවෙන්. රාජ්ය ආයතනවලට නිශ්චිත වගකීමක් පැවරී තිබෙනවා. එම වගකීම පිළිබඳව පුරවැසියන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. පුරවැසියන්ගේ බදු මුදල්වලින් ඔවුන්ට වැටුප් සහ වරදාන ලබා දෙමින් තිබෙනවා. එහෙත් ඔවුන් අතර, වෘත්තිය එම ජනතාවට එරෙහිව මෙහෙය වන අතළොස්සක් සිටින බව අපි දන්නවා. ඒ නිසා අද අපේ රටේ රාජ්ය යාන්ත්රණයේ තිබෙන වෘත්තීමයභාවය සැලකිය යුතු ප්රමාණයකින් බිද වැටී තිබෙනවා. එහෙත් අපිට ආඩම්බරයෙන් සහ වගකීමෙන් කිව හැකියි අපේ ගුවන් හමුදාව ඉතාමත් ශක්තිමත්ව තමන්ගේ වෘත්තීමයභාවය ආරක්ෂා කරගෙන තිබෙනවා.
 
ඒ නිසා සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවයක් සහ නිපුණතාවක් හා ඒ හා බැඳුණු විනයක් සහ වගකීමක් සහිත රාජ්ය සේවයක් අපිට අවශ්යයි. ඒ නිසා ඔබට පැවරී තිබෙන්නේ ඉතාමත් වෘත්තීමයභාවයෙන් යුතු වගකීමක්. ඒ වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැ'යි යන බලාපොරොත්තුවක් අපි තුළ තිබෙනවා. ඔබට පැවරී තිබෙන්නේ ඉතා ඉහළ වගකීමක්. ඔබ දෙස ඔබේ ජ්යෙෂ්ඨයින් බලා සිටිනවා. ඔවුන් වෘත්තීමයභාවයට, ගෞරවයට සහ කීර්තියට භාජනය කරන ලද මෙම සේවාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනු ඇතැයි දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම ඔබේ දෙමාපියන්, ඥාතීන් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. ඒ වගේම මේ රටේ පොදු මහජනතාව ඔබට පැවරී තිබෙන මෙම වගකීම දැඩි කැපවීමකින් ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සියල්ල හා සමාන ලෙස මමද ජනාධිපතිවරයා ලෙස ඔබ කෙරෙහි ඉතාමත් විශ්වාසයෙන් සහ ගෞරවයෙන් බලා සිටිනවා.
 
අපේ මාතෘ භූමියත්, ජනතාවත් මේ පත්ව තිබෙන විශාල විනාශකාරිත්වයෙන් මුදා ගැනීමට අපිට අවශ්යයි. එහිදී දේශපාලන අධිකාරිය ලෙස අපිට පැවරී තිබෙන වගකීම අපි නිසි පරිදි ඉටු කරනවා. ඒ වගේම ගුවන් හමුදා නිලධාරීන් ලෙස ඔබට පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කරනු ඇතැ'යි යන දැඩි විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා ඔබ ප්රවිශ්ට වන මේ අවස්ථාව මහඟු අවස්ථාවක්. ඔබගේ වෘත්තීමය ජීවිතයේ මෙන්ම අනාගතයේ ඉතාමත් වැදගත් කඩඉමක්. මෙම වටිනා අවස්ථාව මඟහරවා ගන්නේ නැතිව තමන්ගේ අනාගතයත්, මාතෘ භූමියේ ආරක්ෂාවත්, පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙනුත් තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැ'යි යන දැඩි බලාපොරොත්තුවෙන් යුතුව මා ඔබට සුබ පතනවා.
ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් (විශ්රාමික) අරුණ ජයසේකර, Marshal of the Air Force රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ගුවන් හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීහු සහ සෙසු නිලධාරීහුද, ආධුනික කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Social and Equity

2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

Social and Equity

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී. 

සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි. 

Social and Equity
බදුල්ල ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් සිදු කරමින් පවතින සහ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්යාපෘති පිළිබඳව විශේෂ අවධානයක්
 
දැනට ඉදිකිරීම් කටයුතු සිදු කරන මෙන්ම අතරමඟ නවතා දමා ඇති මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඇතුළු සංවර්ධන ව්යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කෙරේ.
Social and Equity

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් විය.

Social and Equity

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  ඊයේ (19) සිදු කළ වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ  නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම කොට්ඨාස වැටලීම් ඒකකය නිලධාරීන් කණ්ඩායමක් විසින් වව්නියාව ඩිපෝව අසලදී කැබ් රථයකින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ මත් කරල් 359,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත වාර්තා කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

Social and Equity
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන අතර ඇයගෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වන බව ද වාර්තා වෙයි.
Social and Equity
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය හා එක්සත් ජාතීන්‌ගේ ලෝක ජනගහන අරමුදල එක්ව සකස් කිරීමට යෝජිත ජාතික තරුණ ප්රතිපත්තිය සඳහා පුරවැසි අදහස් හා යෝජනා ලබාගැනීමට අදහස් කරන බව තරුණ කටයුතු සහ ක්රීඩා නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.
Social and Equity

සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව මෙහි ලා අවධාරණය කරන බව අදට(20) යෙදෙන  දීපාවලි දිනය නිමිත්තෙන්  ජනපති අනුර කුමාර දිසානායක මහතා   ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා ජන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.‍

Social and Equity

අද ඔක්තෝබර් මස 17, දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබේ.

Social and Equity

දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ  සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Social and Equity
තරුණ ව්යවසායකයින් හඳුනාගෙන ප්රවර්ධනය කිරීම සඳහා අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් විශේෂ කමිටුවක්.
Social and Equity
සිංගල් සුපර් පොස්පේට්(SSP) පොහොර කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය නිරීක්ෂණයට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (15) එක් වූ අතර එම භූමිය ආශ්රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකටද එතුමා සහභාගි විය.
Social and Equity

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබේ.

 අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.

 වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.

 විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.

 

 

Social and Equity

හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම්  තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (17)  සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

Social and Equity
  • ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි 
  • වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා ගැනීමටත් මන්ත්‍රීවරියන් රෝස පැහැයෙන් සැරසීමටත් තීරණයක්.

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සමගාමීව මෙරට පියයුරු පිළිකා මර්දනය සහ ඊට අදාළව සංවිධානය වන වැඩසටහන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.