අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
සෑම දිස්ත්‍රික්කයකම තවමත් සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන් තුළින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කෙරිණි.
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
එයා බස් මිලදී ගැනීමේ අක්‍රමිකතා නඩුවේ විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කර තිබේ.
ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 05ට අඩු දරුවන් සඳහා විධිමත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Page 3 of 768