Sunday, October 25, 2026
Follow Us
Social and Equity
මෙරට පොදු ප්‍රවාහන සේවාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ආරම්භකර ඇති ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණයන් යටතේ රථවාහන වැරදි කරන සියලුම රියදුරන් සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමට නියමිතය.
මෙම නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, එම හය මාසයක කාලය තුළ රියදුරන් දැනුවත් කිරීමත් මෙම ආරක්ෂිත ක්‍රමවේදය සමග අනුගතවීමටත් කාලය හිමිවෙයි.
ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති මෙම ජාතික වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද ( 28) පැවැත්වුණි.
මාස හයක නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය, Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.
අධිවේගී මාර්ග හා මහාමාර්ගවල ධාවනයේ යෙදෙන සියලුම රියදුරන්, ඉදිරි හය මාසයක කාලය තුල මෙම ක්‍රමවේදය සමග අනුගතවීම අත්‍යවශ්‍ය වෙයි.
හය මසක නියමු ව්‍යාපෘතිය අවසන එළැඹෙන 2027 වසරේ මාර්තු මස සිට රියදුරන් සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33 ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට සමගාමීව Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කටයුතු සිදු කිරීමද විධිමත් කර ඇත.
2025 අප්‍රේල් මාසයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මාර්ගගත ක්‍රමයට රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය මූලිකව කුරුණෑගල, අනුරාධපුරය මාර්ග සම්බන්ධ කර ගනිමින් ආරම්භ කෙරිණ.
පසුව 2025 දෙසැම්බර් මස සිට සමස්ත දිවයින ආවරණය වන පරිදි ව්‍යාප්ත කෙරිණ.
Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට ගෙවීම් කටයුතු බැංකු, මූල්‍ය ආයතන, Fintech App යොදා ගනිමින් සිදුකිරීමේ පහසුකම් සලසා ඇත.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,
මෙරට පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කලයුතු තිරසර වැඩපිළිවෙල ආරම්භ කළේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී.වසරකට 2750 කට අධික පිරිසක් මාර්ග අනතුරුවලින් මිය යාම පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම මේ ජීවිත හා දේපල විනාශයෙන් රටේ දල ජාතික නිෂ්පාදනයටත් පොදුවේ ආර්ථික දේහයටත් සිදුවන බරපතල හානිය වලක්වා ගතයුතු වෙනවා. රටට අහිමිවන ඩොලර් ප්‍රමාණය අතිවිශාලයි.
පුරවැසියෙකුට, රියදුරෙකු විදියට ලයිසන් එකක් දෙනවා කියන්නේ වත්කමක්, අයිතිවාසිකමක් විතරක් නෙමෙයි; එය වගකීමක්. මේ මාස හයේ නියමු ව්‍යාපෘතිය හොඳ අරමුණුවලින් හඳුන්වා දෙන එකක්. මේ වැඩපිළිවෙල සමග හැඩගැහෙන්න ජනතාවට කාලයක් අවශ්‍යයි. මෙහි බලපෑම නීතිය නොතකා රිය ධාවනය කරන අයට පමණයි. ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මත මේ සමස්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. 2027 මාර්තු මාසයේ සිට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල රටතුල ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, පොලිස් රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශ සුමුදු රත්නායක, Lanka Pay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

 

Social and Equity

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Social and Equity
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කර ඇති මෙට්‍රො බස් සේවාවේ පරිපාලන, නඩත්තු හා මෙහෙයුම් කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක මෙට්‍රො ඩිපෝ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සිව්වන ඩිපෝ අංගනය රත්මලානේ දී අද (21) විවෘත කෙරිණ.
Social and Equity

මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට කොළඹ නගරය පුරා ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

Social and Equity

‘විෂන්’ වැඩසටහනට වසර දෙකක් සැපිරීම සනිටුහන් කරමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්‍යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට අද (24) අවස්ථාව උදාවිය.

Social and Equity
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
Social and Equity

99 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ “රිවස්ටන්” (Riverstone) චිත්‍රපටය නිල වශයෙන් තෝරා ගත් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් දශක කිහිපයක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීමේ අරමුණින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ ක්ෂේත්‍ර අධ්‍යයනය අද (24) ආරම්භ කෙරේ.

Social and Equity
 
රුපියල් මිලියන 32ක ආයෝජනයක් – ලබන වසරේ අප්‍රේල් වන විට ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්.
මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
Social and Equity

සංඥා භාෂා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර, ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ සංඥා භාෂා අයිතිය සහ සන්නිවේදන අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.

Social and Equity

උතුරු පළාතේ ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මාන්කුලම් රෝහලේ සේවා ධාරිතාව නැංවීමට කෙරෙහි අවධානය.

උතුරු පළාතේ, මුලතිවු දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ  පිහිටා ඇති මාන්කුලම් මූලික රෝහල  (Base Hospital - Mankulam)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට පසුගිය දා ලක්විය.

Social and Equity
රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා "කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවන් තිදෙනෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 31, 36 සහ 38 වයස්වල පසුවන තායිලන්තයේ සමාගම් කීපයක සේවයේ නිරත තායි ජාතික කාන්තාවන් තිදෙනෙකි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ, අතිරේක පෝෂණීය ආහාර සහ කොලැජන් අඩංගු බෝතල් සහ පිටතට සබන් ඇසුරුම් ලෙස පෙනෙන සේ, සුළං නොවදින ඇසුරුම් තුළ බහා " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 214 ක් සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 472 ක ප්‍රමාණය සගවා ගෙන තිබේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Social and Equity
ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ගන්දර ධීවර වරායේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නව ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.
Social and Equity

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීම සහ රැකියාගත කිරීම අරමුණු කර ගනිමින් “Next Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

Social and Equity
ආබාධ සහිත බාලක්ෂිකාවකට පිරිනැමෙන ඉහළම “Blue All Round Cord" සම්මානය පිරිනැමීම අගමැතිනිය අතින්
ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා.
-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Social and Equity

පරිසරයට හා සංස්කෘතියට හානි නොවන පරිදි, දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක පැතිකඩක් ප්‍රවර්ධනය කර සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා සාධාරණව ගලායාමට සැලැස්වීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය. ලෝක සංචාරක දිනයේ බස්නාහිර පළාත් සැමරුම හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

Social and Equity

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity
ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.