ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ නිවාස 1500 කට රුපියල් මිලියන 1500ක් ලබාදීම සිදු වන බවත් ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බවත් නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
මෙම 'Reimagining International Relations from a Global South Perspective' වෙළුම හරහා ප්රතිපත්ති, රාජ්ය තාන්ත්රික කටයුතු සහ ගෝලීය පාලනය පිළිබඳ කාලෝචිතව දැනුමක් අපට ලබා දෙනවා.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ…ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය ” නමින් අද (24) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.
යාපනය, මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ සියලුම මූලික සූදානම් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක ඊයේ (19) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ නිවාස 1500 කට රුපියල් මිලියන 1500ක් ලබාදීම සිදු වන බවත් ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බවත් නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
බෞද්ධ දර්ශනය, භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය, විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය තානාපති කාර්යාල හා විදේශීය විශ්වවිද්‍යාල ඔස්සේ සාකච්ඡා ආරම්භ කරමින් සිටින බවත්, දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනය ඇතුළු මානව හා ශාස්ත්‍රීය විෂයන්ට අදාළ, විෂයානුබද්ධ ගවේෂණ හා පර්යේෂණ කිරීමට පරිසරයක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් බවත්, එය හුදෙක් පරිභෝජනය සීමා කිරීමක් නොව රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබාදෙන සුවිශේෂී දායකත්වයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශන අවලංගු කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දියගම වනාන්තර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ එහි අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ ඉවත් කිරීම සඳහා ඊයේ (20) පැවැති වැඩසටහනකට එක්වෙමිණි.
දියගම වනාන්තර තුළ සිදුකළ පිරිසිදු කිරීමේ කටයුතුවලට අමතරව, එහි ස්වභාවික වනාන්තර ලක්ෂණ ආරක්ෂා වන පරිදි රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි. දිගුකාලීනව වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව අමාතයවරයා මෙහිදී අවධාරණය කළේය.
පාරිසරික සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සහ දියගම වනාන්තර පද්ධතිය ස්වභාවික සම්පතක් ලෙස අනාගත පරපුරට සුරක්ෂිතකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිවයින පුරා වෙසෙන සංඝයා වහන්සේලාගේ වැඩම කිරීමෙන් සිදුවන මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද (20 වැනිදා) පස්වරු 2.00ට පැවැත්වේ.
Page 2 of 742