Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් රාජ්ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙන්, දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩි දියුණු කර, නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්රික්කයේ, හිගුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය ආරම්භ කෙරිණ.
පොලොන්නරුව දිස්ත්රික්කයේ නවීකරණයට ලක්වන දෙවන දුම්රිය ස්ථානය ලෙස හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීමේ සිහින ගමනාන්ත ව්යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සහ රාජ්ය, පෞද්ගලික දෙඅංශයේ නියෝජිත සහභාගිත්වයෙන් පසුගියදා (03) ආරම්භ කෙරිණ.
සිහින ගමනාන්ත වැඩසටහනින් නවීකරණය කළ කදුරුවෙල දුම්රිය ස්ථානය මේ වන විට ජනතා පරිහරණයට පත් කර ඇත. නැගෙනහිර දුම්රිය මාර්ගයේ, ගල්ඔය සහ පොලොන්නරුව දුම්රිය ස්ථානයන් අතර ස්ථානගත ව පවතින හිගුරක්ගොඩ දුම්රිය ස්ථානය අවම පහසුකම් සහිතව පවත්වාගෙන යන වසර හතලිස් පහකින් සංවර්ධනයට ලක් නොවූ දුම්රිය ස්ථානයකි. මගී ජනතාව පමණක් නොව, විවිධ කෘෂි නිෂ්පාදනයන්, වැඩි වශයෙන් ප්රවාහනයට යොදා ගැනෙන හිගුරක්ගොඩ, දුම්රියපල රු.මිලියන 40ක වියදමින්, C.I.C. Holding PLC ආයතනයේ මූල්ය ප්රතිපාදන වැයකර පූර්ණ නවීකරණයට ලක්වේ.
මෙරට පොදු ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙල මගින්, බස් රථ සහ දුම්රිය සේවා ගුණාත්මකභාවයෙන් ක්රියාත්මක කිරීමට ක්රියාමාර්ග රැසක් ගෙන ඇත. ඒ යටතේ, මානව සහ භෞතික සම්පත් සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, නවීන තාක්ෂණය, ඩිජිටල්කරණය හදුන්වාදීම, නව රජය යටතේ, අධ්යාපනය, සෞඛ්ය විෂ්යය ක්ෂේත්රයන්ට සමාන වටිනාකමත්, ප්රවාහන විෂයයට ආදේශ කර, නව ප්රවාහන සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඇතිකරන නව ප්රතිසංස්කරණ තුලින්, කෙටි, මධ්ය හා දිගුකාලීන ක්ෂේත්ර සංවර්ධනයක් ඇතිකර, ලෝකයේ සංවර්ධිත රාජ්යයන් භාවිතා කරන, බහුවිධ ප්රවාහන පද්ධතියක් රට තුල ඇතිකිරීම රජයේ ප්රතිපත්තිය වේ. එම ඉලක්කගත ජාතික වැඩපිළිවෙල යථාර්තයක් කිරීම සදහා විවිධ පැතිකඩ ඔස්සේ, විද්යාත්මක ප්රවේශයන් තුල සමස්ත ප්රවාහන සංවර්ධන සැලැස්ම රාජ්ය - පෞද්ගලික ඒකාබද්ධ මැදිහත්වීමෙන් ක්රියාත්මක කර ඇත.