විල්පත්තු හා හොරොව්පතාන ජාතික උද්යාන වලට සතුන්ට ජලය සැපයීම වනජීවී කාර්යාලයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරයි.
වන සතුන්ගේ ජල අවශ්යතාව සැපිරීම සදහා විල්පතුව හා හොරොව්පතාන ජාතික උද්යානයන් හි වැව් හා පොකුණු වෙත අඛණ්ඩව ජල සැපයුම සිදුකරන බව අනුරාධපුර වනජීවී සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්රරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව , ස්වභාවික වැව් හා කෘත්රීම පොකුණු වෙත අවශ්ය පරිදි ජලය බවුසර් මගින් ජලය රැගෙන ගොස් පිරවීම සිදුකෙරේ. විල්පත්තු ජාතික වන උද්යානයේ පවතින හුණුවිලගම වැව,කුකුල්කටුව වැව, අන්දරගොල්ලෑව ,මරදන්මඩුව , ඉලන්දමොටේ යන ස්වභාවික වැව් වල මේ වන විට 50% ක ජල ධාරිතාවක් පවතී. එමෙන්ම කලා ඔය , මෝදරගංආරු යන විශාල වැව් වලට අවශ්ය තරම් ජලය පවතී. විල්පතුත්තු ජාතික වන උද්යානයේ ඇතුලත කෘතීමව සකස් කළ පොකුණු 30ක් පමණ පවතී.
එයින් පොකුණු 20ක් සඳහා ලීටර් 13,000ක් හා ලීටර් 5000ක් වන ධාරිතාවයකින් යුත් බවුසර් දෙකක් මගින් ජලය සැපයීම සිදුවේ. ඉතිරි පොකුණු 10 සඳහා සූර්ය ජල මෝටර් මගින් ජලය සැපයේ. උද්යානයේ ඇති විල්ලු 42 තුලම ජලය පිරී තිබේ.
හොරොව්පතාන ජාතික උද්යානයේ පුලියන්කුලම වැවෙහි ප්රමාණවත් ජල ධාරිතාවක් පවතී. මීට අමතරව මෙහි පවතින කෘතීමව සකසන ලද ජල පොකුණු 09යෙහි සහ මඩ පොකුණු එකක ජල ධාරිතාවය ලීටර් 120, 000ක් වන අතර දෛනිකව එම පොකුණු වලට ජලය පුරවමින් අවශ්ය ජල ධාරිතාවය පවත්වා ගනී.