Monday, September 07, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන තාක්ෂණ සංවර්ධනය, ප්‍රමිතීකරණය සහ යෙදවුම් වාණිජකරණය පිළිබඳ විධිමත් උපායමාර්ගික සැලැස්මක්
ශ්රී ලංකාවේ ඩ්රෝන තාක්ෂණ සංවර්ධනය, ප්රමිතීකරණය සහ යෙදවුම් වාණිජකරණය පිළිබඳ විධිමත් උපායමාර්ගික සැලැස්මක් සැකසීම සඳහා විද්යා හා තාක්ෂණ අමාත්යාංශය අවධානය යොමු කර තිබේ. ඒ වෙනුවෙන් සංවිධාන කළ මූලික සාකච්ඡාවක් විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා‌ගේ ප්රධානත්වයෙන් එම අමත්යාංශ ශ්රවණාගාරයේ දී පසුගියදා (02) පැවත්විණි.
 
වර්තමානය වන විට ඩ්රෝන (Drone) තාක්ෂණය රට තුළ කර්මාන්ත, කෘෂි කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්රයන් හි බහුලව භාවිත කරනු ලබයි. එබැවින් විධිමත් ක්රියාවලියක් හරහා රට තුළ ඩ්රෝන තාක්ෂණය සංවර්ධනය, ප්රමිතීකරණය, පරීක්ෂාව සහ යෙදවුම් වාණිජකරණය පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් වගකිව යුතු පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
 
මෙම තාක්ෂණය හා සබැඳි ප්රධාන අරමුණු හතරක් පිළිබඳව මෙහි දී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
ඩ්රෝන තාක්ෂණ භාවිතාවන් පිළිබඳ නියාමන කටයුතු සිදුකරන ප්රධාන මෙහෙයුම් ආයතන වන ආරක්ෂක අමාත්යාංශය, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැනි ආයතනයන්හි නීතිරීතිවලට අනුකූලව ඩ්රෝන නිෂ්පාදනය, එකලස් කිරීම, ආරක්ෂාව මෙන්ම පාරිසරික, කාර්මික හා කෘෂිකාර්මික යෙදවුම් සඳහා ජාතික ප්රමිතීන් (SLS) සම්පාදනය කිරීම, ඩ්රෝන පරීක්ෂණ සහ තත්ත්ව පාලන පරීක්ෂණාගාර හඳුනාගැනීම, ඩ්රෝන තාක්ෂණය ආශ්රිත පර්යේෂණ, තාක්ෂණ සංවර්ධනය සහ වාණිජකරණ ක්ෂේත්ර හඳුනාගැනීම සහ වගකිව යුතු ආයතන සමග එක්ව මෙම තාක්ෂණය හා සබැඳි නීතිමය සහ ප්රතිපත්තිමය බාධා ලිහිල් කිරීමට සහ ඉවත් කිරීමට අවශ්ය පියවර ගැනීම යන අරමුණු ඊට ඇතුළත් වී තිබිණි.
විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් (වැ.බ.) මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන්, ආරක්ෂක අමාත්යාංශය, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය, රාජ්ය විශ්ව විද්යාල, ශ්රී ලංකා ගුවන් හමුදාව, ශ්රී ලංකා ප්රමිති ආයතනය, ආතර් සී. ක්ලාක් ආයතනය, නාරා ආයතනය, මිනින්දෝරු, කෘෂිකර්ම, වාරිමාර්ග යන දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රැසක ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.