Sunday, February 01, 2026
Follow Us
12න් 12යි : තවත් සමූප ඡන්දයකින් සමගි ජන බලවේගයට ප්‍රබල ජයග්‍රහණයක් !

ඊයේ (20) පැවති දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයේදී ඡන්දය පැවති කොට්ඨාස 12ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපකාර සමිතියට කොට්ඨාස 15ක් අයත් වන අතර ඊයේ දිනයේදී එයින් 12ක් සඳහා ඡන්ද විමසීම පැවැත්විණි.

එම කොට්ඨාස 12ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව ඇති අතර එයින් ඇතැම් කොට්ඨාසවල බලය නිතරගයෙන්ම සජබට හිමිවූ බවයි දෙහිඅත්තකණ්ඩිය සජබ ආසන සංවිධායක ගයාන් දර්ශන මහතා සඳහන් කළේ.

LNW