Sunday, February 01, 2026
Follow Us
ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි!

පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.

විමර්ශන සඳහා ඔවුන්ව පොලීසියෙන් පිටතට රැගෙන ගොස් තිබෙන බවට පොලීසිය විසින් පවසා ඇති නමුත් රැගෙන ගිය ස්ථානයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද සිදු නොවුණු බව ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත කියා සිටියා.

මෙම ශිෂ්‍යයන් සම්බන්ධ උද්ඝෝෂණ, විරෝධතා නීති විරෝධී ඒවා නොවන අතර ඒවා ප්‍රජාතන්ත්‍රවාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

රට වෙනුවෙන් පෙනී සිටි සිසුන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම ඉතා අසාධාරණ වන බවත් මානව හිමිකම් අගයන රටක මෙවැනි දේ සිදු නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

 

LNW