Sunday, February 01, 2026
Follow Us
හිරුණිකා ගෙන් පැය 5ක ප්‍රකාශයක්

CID යට නම ගිය හැටි හිරුණිකා කියයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ප්‍රකාශය ලබාදීමෙන් පසු පිටතට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ,

” මට එන්න කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න. මගෙන් විශේෂයෙන්ම ඇහුවේ. ඔහු ඔහුගේ කටඋත්තරයේදී මගේ නමත් සඳහන් කරලා තියෙනවා.”

“නිවස ගිනිතියපු අයව තාම පැත්ත පළාතක ගෙන්වලා නෑ. මේ ගේන්නේ අපි වගේ ඊට කලින් ඉඳළම අරගලයේ හිටපු අයව. මම රනිල් මහත්තයාට කියන්නේ ඔය වැරදි තැනට තට්ටු කරන්නේ. ඒ ගිනිතැබීමට සම්බන්ධ පුද්ගලයින් තාමත් එළියේ ඉන්නේ. ඒ ගැන හොයලා බලන්න. අපි තමයි මේ අරගලය කරලා ඔබට ජනග්‍රහණ ලබාදුන්නේ. අපිට ඕනේ වුණේ නැහැ රනිල්ව ජනාධිපති කරන්න. හැබැයි එහෙම වුණා.”

Aruna