Sunday, February 01, 2026
Follow Us
රට වෙනුවෙන් තීන්දු රැසක් ගන්නා බවට ඩලස් පාර්ශවයෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනුරාධපුර පූජා භූමියට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.

ඔවුන් කොළඹ සිට අනුරාධපුරයට පැමිණ තිබුණේ බස්රථයකින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Neth