ඉදිරියේදී රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනුරාධපුර පූජා භූමියට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.
ඔවුන් කොළඹ සිට අනුරාධපුරයට පැමිණ තිබුණේ බස්රථයකින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Neth