Sunday, February 01, 2026
Follow Us
ගෝඨාභයගේ මිරිහානේ නිවසට දැඩි ආරක්ෂාවක්

හිටපු ජනපති නැවත එන දිනය ගැන තීරණයක් නෑ


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති අයුරු දක්නට ලැබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බවට පළවන ප්‍රචාරවල සත්‍යතාවයක් නොමැති බවත් ඔහු දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් පැමි‍ණෙන දිනය මෙතෙක් තීරණය කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේය.

Aruna