Sunday, February 01, 2026
Follow Us
රන්ජන්ට නිදහස හිමිවන්නේ කවදාද ? අධිකරණ ඇමති කතා කරයි

බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකට ලබන සතියේ ජනපති පොදු සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

රංජන් රාමනායකට අදාල සියලු ලේඛණ මේ වනවිටත් තමන් ජනාධිපතිවරයා වෙත භාරදී අවසන් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ.

සිදු කල වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලිපියටද ඉකුත්දා රංජන් රාමනායක අත්සන් කළ බවයි ඔහුගේ නීතීඥයින් පැවසුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ජනවාරි 12 වනදා රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණා.

ඔහු පළමුව රඳවනු ලැබුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේයි. ඉන් අනතුරුව රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කෙරුණේ පැවති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහායි. මේ වනවිට ඔහු බන්ධනාගාර රෝහලේ ආරක්ෂිත ස්ථානයක වෙනමම රඳවා සිටිනවා.

Neth