Sunday, February 01, 2026
Follow Us
හරි නායකත්වයක් නැති නිසා අරගලයේ ජයග්‍රහණ ලැබුණේ බාගෙට – අනුර කුමාර

පසුගිය මාස කිහිපයේ මෙරට පැවති ජනතා අරගලයට ඉතාමත්ම සටන්කාමී නායකත්වයක් නොතිබුණු නිසා එයින් ලැබුණේ අර්ධ ජයග්‍රහණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“විශාල ජනතා නැගිටීමක් සිද්ධ වුණා, හැබැයි අපට ඒකෙන් ලබාගන්න පුළුවන් වුණේ බාග ජයග්‍රහණයක්. ඇයි ? ඉතාමත්ම සටන්කාමී ව්‍යාපාරයක් ඒකට නායකත්වය දෙන්න බැරි වුණා. එහෙම නම්, මේ වෙනස් කිරීම සඳහා ප්‍රබලතම ජනතා ව්‍යාපාරය අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) නුගේගොඩදී පැවති රැළියක් අමතමිනි.

LNW