Sunday, February 01, 2026
Follow Us
අලි සබ්‍රිගේ කතාව වගකීම් විරහිතයි. ඔවුන්ගේ තීන්දුව නීතියටත් පටහැණියි – පතිරණ

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හරිමින් බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

එමෙන්ම රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට නොදන්වා රටේ ණය ගෙවීම් පැහැර හැරීමට අලි සබ්‍රි මහතා ඇතුළු කිහිපදෙනෙකු ගත් තීරණය නීතියට පටහැණි බවයි පතිරණ මහතා පෙන්වා දෙන්නේ.

LNW