Sunday, February 01, 2026
Follow Us
IMF දේවාලෙට යනවාට විරුද්ධ නෑ, හැබැයි ඒක ඇත්ත විසඳුමක් නෙවෙයි – විමල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොමැති නමුත් රටේ ප්‍රශ්නයට එය ඇත්ත විසඳුමක් නොවන බව පක්ෂ 10 ස්වාධීන කණ්ඩායමේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“ප්‍රශ්නයක් වුණාම කොහෙහරි තියෙන දේවාලෙක පඬුරක් ගැටගැහුවාට අපි විරුද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඒ පඬුර ගැටගහලා ඔක්කොම විසඳෙයි කියලා හිතනවා නම් ඒක තමයි දීනකම. ඇත්ත ප්‍රශ්නය එතන තියෙන්නෙ. මෙතන තියෙන්නෙ මේ අපි විසින් උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක්. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියනවා නම් ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනය කැමති කරවාගන්න කියලා අපට, එතකොට ඒක බැරි වුණොත් වැඩේ වෙන්නෑ නෙ. ඉතින් ඒකෙන්ම පේනවානෙ මේක මේ ඇත්ත විසඳුමකට නෙවෙයි මේ යන්නෙ කියලා. ඉතින් ඒ දෙයියෝ පඬුපුල් ආසනේ රත්වෙලා පිහිට වෙනවායි කියලා අපි බලාගෙන ඉන්නවා ඒ පඬුර ගැටගහලා. මෙතනයි තියෙන ප්‍රශ්නෙ. අපේ අතෙයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ, අපියි විදේශ විනිමය උපයන්න ඕනෙ. අලුතින් විදේශ විනිමය උපයන මාර්ග හොයන්න ඕනෙ. ඒවා නැතුව IMF දේවාලේ පඬුර ගැටගහලා බලන් ඉන්නවා. අපි නම් එහෙම එකක නෑ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LNW