ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීම අද සිදුවනවා. එම සන්ධානයේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත් නව සන්ධානයේ නම හා එහි නායකයා කවුද යන්න අද ප්‍රකාශයට පත් කරන බවයි ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
අද බිහිකෙරෙන නව සන්ධානය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිම්න්තු මන්ත්‍රි උදය ගම්මන්පිල සඳහන් කළේ. ඉදිරියේදී තවත් පක්ෂ කිහිපයක් නව සන්ධානය සමග එකතුවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරමින් මතවාදී දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නව සන්ධානයේ ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
Neth