හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
වමේ දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සන්ධානයක් ගොඩනගා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මුළු රටේම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නොමැති නමුත් යම් යම් ප්‍රදේශවල පෝෂණ ඌණතාවන් ඇති දරුවන් සිටින බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
අධි ආරක්ෂක කලාප පිහිටුවීමට රජය ගෙන ඇති තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
අරගලයේ දෙවන නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීම මත බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතාව තවදුරටත් මුලා කරන්නේ නම් එහි ප්‍රතිවිපාක නුදුරේදීම අත්විදීමට ආණ්ඩුවට සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
මැතිවරණයක් පැවැත්වෙන තුරු මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සංචාරක කර්මාන්තය නගාසිටුවීමෙන් ඩොලර් අර්බුදයට මෙන්ම රුපියල් අර්බුදයට ද විසඳුම් ලබාගත හැකි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අවම වශයෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට හෝ ජනබලයක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මීට මාස 5කට පෙර පැවති තත්ත්වයට වඩා මෙරට ආර්ථික තත්ත්වය මේ වනවිට භයානක තත්ත්වයක පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පක්‍ෂයේ අකුරැස්ස ආසන සභාව අමතමින් ඔහු කියාසිටියේ පසුගිය මාස 5 ක කාලය තුළ රජය විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 2,490 ක ණය ගෙවීම් පැහැර හැර ඇති බවයි.
රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයෙහි මිනිසුන් විනෝද වීම තුළින් රජයට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බවත් ඇතැමුන් එය වැරදියට අර්ථකථනය කරමින් සිටින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
අරගලය ක්‍රියාත්මක වූ ස්ථාන ඉලක්ක කරගනිමින් අධි ආරක්ෂක කලාප නම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හා ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතු වේ සභාපති කරු ජයසූරිය මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත දී පවත්වන ලද “ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” සම්මන්ත්‍රණයේදී පළකරන ලද අදහස් (2022.09.24)
Page 111 of 554