Saturday, January 31, 2026
Follow Us
පොදු සන්ධානයක් වෙනුවෙන් ශ්‍රීලනිපය වැඩ අරඹයි

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම් සමග පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ විපක්ෂයේ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ පේෂල ජයරත්න පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් නව බලවේගයක් ගොඩ නගන බවයි.

Neth