Saturday, January 31, 2026
Follow Us
සජිත්, චරිතව යළි කෝප් කමිටුවට නම් කරයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.



පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම කමිටුවෙන් ඉල්ලා අස්වන බවයි විපක්ෂ නායවරයා එහිදී කියා සිටියේ.

මහචාර්ය චරිත හේරත් මීට පෙර පැවති කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. කෙසේවෙතත් ඊයේ දිනයේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළ නව කෝප් කමිටුවේ සාමාජික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුලත්ව තිබුණේ නැහැ.

මේ අතර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමට කෝප් සහ කෝපා කමිටුවල අවස්ථාවක් ලබාදී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

Neth