Saturday, January 31, 2026
Follow Us
ගල් අගුරු හදිසි මිලදී ගැනීම්වල යටි අරමුණ ජවිපෙ පෙන්වා දෙයි

ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචනික ගණුදෙනුවක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ක්ෂණික මිලදී ගැනීම් සඳහා අවශ්‍ය පරිදි ඉඩකඩ නිර්මාණය කරගනිමින් එවැනි ගණුදෙනු සිදුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

මේ අතර 2022 - 2025 කාල සීමාව සදහා නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයට අනුකූල නොවන බව නිරීක්ෂණය වී ඇතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී ඉකුත්දා අනාවරණය වුණා.

Neth