මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඉදිරියට?
මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකිරීමට සහ ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපති වික්‍රමසිංහ මහතා මනාප නොවන ලැයිස්තු ක්‍රමයක් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහා සම්මත කර මැතිවරණ නීතියෙන් සීමා පැනවිය යුතු බවත් අවධාරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
Aruna