මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
එලෙස මුදල් ලබාදුන් බවට තමන්ගේ නම සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළා.
තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුව ආණ්ඩුව දැඩිව විවේඡනය කරන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කරමින් නිර්මාණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ නම ද සදහන්ව තිබීම සම්බන්ධයෙන් උන්වහන්සේ අද අදහස් පළ කළා.
මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළා.
Neth