වෙන්ව හොරකම් කළ අය අද එකට එක්වී හොරකම් කිරීම අරඹා ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ රට විනාශ කර ජන ජීවිත පීඩාවෙන් පීඩාවට පත්කළ කල්ලියට යළි මේ රටේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ඉඩ ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
සමගි ජන බලවේගයේ, මහියංගනය ආසන බලමණ්ඩලය අමතමින් ඊයේ (09) සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පල කළා.
මෙම ජනහමුව සංවිධානය කළේ, සමගි ජන බලවේගයේ මහියංගනය ආසන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතායි.
LNW