පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නිවේදනය කර තිබෙන මෙම කාලය තුළ රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත් පත්‍රිකා බෙදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබල වේගයේ මතය රටට හෙළි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ සභාපති නාමාවලිය සඳහා නම් කරන ලද මන්ත්‍රී නාමලේඛනය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුව අද (9) පෙ.ව 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) අනුමත කිරීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දදායකයා විසින් ඡන්ද පොළේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත් වේ.
ආණ්ඩුක්රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර තිබේ.
අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමත් ජනතාවට බර පැටවීමට සිදුවීම පිළිබඳ කණගාටු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙවැනි අර්බුදයක් රට තුළ යළි ඇති වීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඒ අරමුණින් දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන අතර ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ.
රට දියුණු කිරීමට නම් ආකල්ප වෙනසක් ඇති විය යුතු බවත් ජනාධිපතිවයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද මෙය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
මැතිවරණ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (11) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණි.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුලත් QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (08) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
Page 79 of 556