Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වී තීරණයක් ගැනීමට යයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළ ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බවත්, එහි සාමාජිකයින් 5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගියදා රටට ප්‍රකාශ කළ බවත් ය.

එමෙන්ම ඡන්දය පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකට ම කොමිසමේ සාමාජිකයින් 5 දෙනා ම අත්සන් යොදා ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.