Thursday, January 29, 2026
Follow Us
ක්ෂේත්‍ර ගණනාවක් හෙට වැඩ වර්ජනයක

වරාය, විදුලිය, තෙල්, බංකු,වෛද්‍ය , සරසිවි ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට වර්ජනයේ නියැලීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට (01) ක්ෂ්ත්‍ර ගණනාවක කටයුතු අඩාල වන බවයි ඊට සහය පළ කරන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ

කෙසේවෙතත් රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට දින දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිත බව වාර්තා වේ.

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.