රට දියුණු කිරීමට නම් ආකල්ප වෙනසක් ඇති විය යුතු බවත් ජනාධිපතිවයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද මෙය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවා තිබෙන අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15න් අවසන් වේ.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුලත් QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
එළඹෙන මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් ගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි මස 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරි 08 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
පාර්ලිමේන්තුව අද (9) පෙ.ව 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) අනුමත කිරීමට නියමිතයි.
ව්‍යවස්ථාදායක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දවිමසීමේදී කිසියම් කායික දුබලතාවයක් සහිත යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
ආණ්ඩුක්රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
මෙවැනි අර්බුදයක් රට තුළ යළි ඇති වීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඒ අරමුණින් දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන අතර ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පත්වූ සියලු පාලකයන් මෙතෙක් සිදුකළේ ජනතාවට සේවය කිරීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බලය අවභාවිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
Page 78 of 554