2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජය මඟින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30දෙනෙකු සඳහා පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇති බවත් එය රටේ අනාගතය ගොඩනැඟීම සඳහා වන ආයෝජනයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවති අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.
ලොව නවීනතම තාක්ෂණය සමඟ බද්ධ ව පෙරට යාමටත් එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් Huawei ශිෂ්‍යත්ව දිනාගත් ලාංකේය සිසුන්ට හැකිවනු ඇති බවත් මෙවන් වැඩසටහන් මඟින් දෙරට අතර ඇතිවන මිත්‍රත්වයේ ශක්තිමත් පාලම පිළිබඳ සතුටු විය හැකි බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය.
12 වන ලෝක ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) දින සවස පැමිණියේය.
පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
නවතම දත්තවලට අනුව නැන්ජිං සංහාරය පිළිබඳ “Dead To Rights” නම් චීන චිත්‍රපටය යුවාන් බිලියන 2.2කට වැඩි ආදායමක් උපයා ගනිමින් චීන චිත්‍රපට ඉතිහාසයේ ගිම්හාන කාලයේ ඉහළ ම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
Australia ready to extend continued support for a successful journey under the President’s clear leadership
– Governor-General Samantha Joy Mostyn
Page 6 of 371