චීනයේ යුනාන් ප්රාන්තයේ නිල සංචාරයක නිරත වන වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ යුනාන් ප්රාන්තයේ ආණ්ඩුකාර වැන්ග් යුබෝ (Wang Yubo) මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා පැවැත්විණි.
10 වන දකුණු ආසියානු ප්රදර්ශනයට (South Asian Expo) සහභාගි වන ශ්රී ලාංකික ව්යාපාරිකයන් සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මැණික්, තේ, කුළුබඩු සහ ඇඟලුම් ඇතුළු ක්ෂේත්ර රැසක සමාගම් 100කට අධික ප්රමාණයක් මෙවර එක්ව සිටින බව ද මෙහිදී සාකච්ඡා විය.
.
යුන්නාන් ප්රාන්තයේ ක්රියාත්මක වන සුවිශේෂී වෙළඳ පහසුකම් වැඩසටහන් මෙරට අපනයනකරුවන්ට නව අවස්ථා හඳුන්වා දීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
ශ්රී ලංකාවේ වෙළඳ ව්යාප්තිය සහ ව්යාපාරික ධාරිතාව වර්ධනය කිරීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහය සහ ප්රතිඥාව ආණ්ඩුකාරවරයා විසින් මෙහිදී නැවතත් තහවුරු කරන ලදි.
ඉදිරියේදී දෙරට අතර ව්යාපාරික සහ ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණීම ද මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයකි.