Monday, May 25, 2026
Follow Us
ඇමෙරිකා - ඉරාන අර්බුදය විසඳීමේ මීළඟ සාකච්ඡාවට සූදානමක්
මෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්ය තාන්ත්රික අර්බුදය විසඳීම සඳහා වන මීළඟ වටයේ සාකච්ඡා ඉතා ඉක්මනින් ආරම්භ වනු ඇති බව පාකිස්තාන අග්රාමාත්ය ෂහ්බාස් ෂරීෆ් ප්රකාශ කළ බව වාර්තා වෙයි.
 
මෙම සාම සාකච්ඡා ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ කැපවීම අගය කරන බව ද පාකිස්තාන අග්රාමාත්යවරයා සඳහන් කළ බව ද වාර්තා වේ.
 
මෙම තීරණාත්මක සාකච්ඡා වටය සඳහා සත්කාරකත්වය සැපයීමට ඉස්ලාමාබාද් අගනුවර සූදානමින් පවතින බව ද ඔහු පෙන්වා දී තිබේ.