දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාල පරිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා පසුගියදා (300 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ.
මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ නියුතු පර්යේෂණ නිලධාරීන්ගේ සහ විද්‍යාඥයින්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකෙරිණි.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ (03) මෙරටට පැමිණීමට නියමිතයි.
2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව 2026.04.22 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට(03) දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) අමාත්‍යංශ,
සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.
Page 4 of 384