Friday, May 29, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් මහතා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වතිකානු තානාපතිවරයා ලෙස නම් කරන ලද අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් (H.E. Monsignor Andrzej Jozwowicz) ම මැයි 2හතා අද (29 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේදී තානාපතිවරයාව පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ඒතුමා වෙත සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර පසුගිය දශක පහක කාලය පුරා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අධ්‍යාත්මික සහයෝගීතාවය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. 

ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේගේ නව නායකත්වය යටතේ කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීම තුළින් දෙරට අතර පවතින මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව මෙහිදී පළ කරන ලදී. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.