එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Barakah න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ඩ්‍රෝන යානය බලාගාරයේ අභ්‍යන්තර ආරක්ෂක කලාපයට පිටතින් පිහිටි විදුලි ජනක යන්ත්‍රයක ගැටී ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ මෙහෙයුම් කටයුතුවලට හෝ විකිරණ ආරක්ෂණ මට්ටම්වලට කිසිදු බලපෑමක් සිදුව නොමැති අතර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව එම කාර්යාලය වැඩිදුරටත් තහවුරු කර තිබේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ප්‍රකාශ කර සිටියේ තමන් මෙම තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවය.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.