Friday, May 22, 2026
Follow Us
නේපාල ගමන් මාර්ගයෙන් ඉතිහාසයේ වැඩිම පිරිසක් එවරස්ට් කඳු තරණය කළ දිනය
නේපාල ගමන් මාර්ගයෙන් ඉතිහාසයේ වැඩිම පිරිසක් එවරස්ට් කඳු තරණය කළ දිනය බවට පසුගිය බදාදා දිනය වාර්තා අතරට එක්වී තිබෙන බව වාර්තා වෙයි.

 

එදින කඳු නගින්නන් 274 දෙනෙකු නේපාල ගමන් මාර්ගය ඔස්සේ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කර තිබේ.
 
මීට පෙර වැඩිම කඳු නගින්නන් පිරිසක් එවරස්ට් තරණය කළ දිනය බවට පත්වී තිබුණේ 2019 මැයි 22 වැනිදායි.
 
එදින කඳු නගින්නන් 223 දෙනෙක් එවර්ස්ට් කන්දේ දකුණු පස ගමන් මාර්ගය නොහොත් නේපාල අන්තයෙන් තරණය කර තිබිණි.
 
එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා ගමන් මාර්ග දෙකක් ඇති අතර, ඉන් ප්රධාන ගමන් මාර්ගය වන්නේ නේපාල ගමන් මාර්ගයයි.
 
අනෙක් ගමන් මාර්ගය වන්නේ චීන ගමන් මාර්ගයයි. එය ටිබේටය හරහා වැටී තිබෙනවා. මෙවර නේපාල අන්තයෙන් එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්ර 500 ක් නිකුත් කර ඇති අතර, චීන අන්තයෙන් එවරස්ට් තරණය කිරීමට මේ වසරේ අවසර ලබාදී නැහැ.
 
පසුගිය වසරේ සිට එවරස්ට් කඳු තරණය කිරීමේ අවසර පත්රයක් ලබාගැනීම සඳහා සෑම කඳුනගින්නෙක්ම ගෙවිය යුතු මුදල ඩොලර් 15,000 ක් දක්වා ඉහළ නංවා තිබේ.
 
ලොව වැඩිම වාරඩ ගණනක් එවරස්ට් තරණය කළ වාර්තාවට හිමිකම් කියන කමීරිටා - ෂර්පා තම වාර්තාව යළිත් අලුත් කර තිබෙනවා. ඔහු මේ වනවිට 32 වතාවක් එවරස්ට් තරණය කර තිබේ.
 
එසේම වැඩිම වරක් එවරස්ට් තරණය කළ කාන්තාවට හිමි වාර්තාවත් මෙවර අලුත් වී ඇති අතර, කඳුකර රැජිණ යනුවෙන් විරුදාවලිය ලත් ලක්පා - ෂර්පා 11 වැනි වතාවටත් එවරස්ට් තරණය කරමින් ඇයගේ වාර්තාව අලුත් කරනු ලැබුවාය.
 
මේ අතර, පාද දෙකම අහිමිවු, හිටපු රුසියානු සොල්දාදුවෙක් දෑත පමණක් භාවිතා කරමින් එවරස්ට් කදු තරණය කළ ප්රථම පුද්ගලයාවීමට පසුගිය බදාදා සමත්විය.
මෙවර නේපාල කඳුතරණ සමයේදි ෂර්පාවරුන්ගේ මරණ තුනක් මේ වනවිට වාර්තා වී තිබේ.