ඉන්දියාවේ සිට සම්බා සහල් මෙට්‍රික් ටොන් 500ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඒ සදහා ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනයන් වෙනුවෙන් ආරාධනා කර සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සදහන් කර තිබේ .
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙක් නෑ - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
මාර්තු 31 වන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩීසල් 42% ක් ඉතිරි කරයි
අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අද දහවල් 1.30ට පමණ ඉන්ධන තොගයක් රැගත් හරි අනන්ඩ් (HARI ANAND) නෞකාව කොළඹ වරායේ ඩොල්පින් ජැටියට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
මාර්තු මස අවානයේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසීය.
Page 4 of 276