Tuesday, July 28, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ලොව වේගයෙන්ම දියුණු වන රටවල් අතර ස්ථානය
නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජන සබඳතා දර්ශකයේ ඉහළම ප්රගතිය පෙන්වූ රටවල් අතරට ඇතුළත්වීමට ශ්රී ලංකාව සමත්ව තිබෙන බව වාර්තා වෙයි.

 

2026 ආයෝජන සබඳතා සහ ණය පාරදෘශ්යතා වාර්තාව ජාත්යන්තර මූල්ය ආයතනය පසුගියදා නිකුත් කළ අතර ප්රසාද ලකුණු 6.3ක වර්ධනයක් ලබා ගනිමින් ශ්රී ලංකාව සිය දර්ශක අගය 43.67ක් දක්වා ඉහළ නංවා ගෙන තිබේ.
 
ශ්රී ලංකාවට වඩා ඉහළ ප්රගතියක් අත්කරගෙන ඇත්තේ වියට්නාමය, බේලිස් සහ මොසැම්බික් යන රටවල් පමණයි.
 
2024 වසරේදී ශ්රී ලංකාව මෙම වැඩසටහනට ඇතුළත් වුණු අතර, ඉහළ ප්රගතිය අත්කරගෙන ඇත්තේ කෙටි කාලයක් තුළයි.
 
ශ්රී ලංකාව, ණය පාරදෘශ්යතාව වෙනුවෙන් හිමිවන ලකුණු 13න් ලකුණු 9.71ක් ලබා ගැනීමට සමත්ව සිටි.
 
එමෙන්ම, පරිසර, සමාජීය සහ පාලන හෙවත් ESG දත්ත සහ ප්රතිපත්ති ප්රචාරණය වෙනුවෙන් වෙන් වූ ලකුණු 4න් ලකුණු 3.25ක් ලබා ගැනීමටද ශ්රී ලංකාව සමත්ව ඇති බව වාර්තාවේ සඳහන්.