Saturday, July 11, 2026
Follow Us
2026 වසරේ මේ වනවිට ලක්ෂ 12කට ආසන්නයි සංචාරක පැමිණීමක්

2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට (මිලියන 1.2) ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි විදේශ විනිමය ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකිවී ඇති බවය.