ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,313,974ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ජුලි 01 වනදා සිටි 26 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 167,401ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.
ජුලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 38,785ක් වේ.