Thursday, February 05, 2026
Follow Us
බටර් අයිසිං සාදන ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

බටර්, අයිසිං සීනි සහ වැනිලා

 

සාදාගන්නා ආකාරය

 

ප්‍රථමයෙන් අයිසිං සීනි කැට ඉතිරි නොවන සේ හොඳින් හලා ගන්න. ඉන්පසු බටර් භාජනයකට දමා හොඳින් දියවන සේ විනාඩි 5ක් පමණ බීට් කරන්න. එයට අයිසිං සීනි ටිකින් ටික භාජනයට එකතු කර බටර් සමඟ හොඳින් බීට් කරගන්න. ඉන්පසු ඔබ කැමැති නම් වැනිලා ස්වල්පයක් හෝ වෙනත් රසැති එසන්ස් ස්වල්පයක් එකතු කර විනාඩි තුනක් පමණ හොඳින් බීට් කරගන්න. කිරි ස්වල්පයක් ද එකතු කර ගැනීමෙන් අයිසිං එකෙහි රසය වැඩිකර ගත හැකියි.

(Tharunie)