පොඩි බඩගින්නට හරිම ඉක්මනින් පහසුවෙන් ආහාරයට ගන්න දෙයක් තමයි පාන් කියන්නේ. බටර් හෝ ජෑම් ටිකක් ගාලා එහෙමත් නැතිනම් ටෝස්ට් කරලා කන පාන් මේ විදිහට හදලා බලන්න. පුංචි පැටවු ආසාවෙන් රස විඳීවි.
උදෑසන ආහාරයක් විදිහට එහෙමත් නැත්නම් සවස තේ පානය සඳහා හරි අපූරුවට ගැළපෙන ප්‍රංශ ක්‍රෙප්ස් තමයි මේ. සාමාන්‍යයෙන් මෙවැනි කෙටි ආහාර සඳහා බිත්තර මිශ්‍ර කළත් මෙහි විශේෂත්වය තමා බිත්තර මිශ්‍ර නොකර සකසා ගැනීම.
* පාන්පිටි කෝප්පයක්
* ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්
* වතුර කෝප්ප 1/2ක්
* සීනි මේස හැඳි 2 1/2ක්
* දියකරගත් බටර් හෝ තෙල් මේස හැඳි 02ක්
* වැනිලා තේ හැඳි 02ක්
* පාන් පිටි, ෆ්‍රෙෂ් මිල්ක්, ජලය, සීනි, බටර්,වැනිලා සියල්ලම බ්ලෙන්ඩර් එකකට දමා හොඳට බ්ලෙන්ඩර් කරගන්න.
* දැන් නන්ස්ටික් තැටියක් ගෙන ළිප තබා රත් කරගන්න. බටර් හෝ පොල්තෙල් ස්වල්පයක් තවරාගන්න.
* ඉන්පසුව මුලින් බ්ලෙන්ඩර්කර සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් එයට දමා හොඳින් අතුරා ක්‍රෙප්ස් සාදාගන්න.
* ක්‍රෙප්ස්වල එක් පැත්තක් රන්වන් පැහැයට හැරුණුවිට අනෙක් පැත්ත හරවා තව ටිකක් වෙලා පුච්චාගන්න. මේවා උඩ සහ යට රන්වන් පැහැයට එනතෙක් පුළුස්සා ගත්විට කර කර ගා හැපෙන ක්‍රිස්පි ක්‍රෙප්ස් අතිශයින් රසවත්. නමුත් ඔබ ක්‍රිස්පි ගතියට එතරම්ම කැමැත්තක් නොදක්වන්නේ නම් සාමාන්‍ය ප්‍රමාණයට ක්‍රෙප්ස් පුළුස්සා ගන්න.
* දැන් අපට මේ ක්‍රෙප්ස් රසවත් පුරවනයක් සමඟ හෝ දවටනයක් සමඟ කෑමට එකතු කරගත හැකියි.
* මේ ක්‍රෙප්ස් සඳහා පහසු පිරවිල්ලක් ලෙස විපිං ක්‍රීම් තවරා රසවත් පලතුරු ජෑම් ලේයර් එකක් දැමිය හැකියි.
* ඊට අමතරව මුළුතැන්ගෙයි ඇති ඕනෙම වර්ගයක් මෙහි පිරවුම ලෙස භාවිතා කරන්න පුළුවනි. බටර් අයිසිං ෆ්‍රොස්ටින් (චීස්, චොකලට්), මූස් වර්ග, අයිස්ක්‍රීම්, නුටෙල්ලා හෝ පීනට් බටර්, ඔබ කැමති පලතුරු වර්ගයක් , යෝගට්, චීස්, බටර්, ජෑම් වර්ග, මී පැණි, විවිධ සෝස් වර්ග මේ ඕනෑම වර්ගයක් සමඟ ඔබට ක්‍රෙප්ස් රස විඳිය හැකියි.
* එමෙන්ම මේ ක්‍රෙප්ස්වලින් ලස්සනට කේක් වුණත් සකසා ගන්න පුළුවනි. ඔබ කැමැති ආකාරයේ පිරවිල්ලක් සමඟ ක්‍රෙප්ස් ටික අවසාන වෙනකම්ම උසට සිටින සේ සකසා කැමැති ආකාරයට ලස්සන කරගන්න.
ඉදිරිපත් කිරීම - Bhagi's kitchen හි සූපවේදිනී
භාග්‍ය ගුණවර්ධන තෙන්නකෝන්
Tharunie
මුහුද කියන්නේම කොයිතරම් බලා සිටියත් එපා නොවන ස්ථානයක්. විශේෂයෙන්ම පොඩිත්තන් මුහුදට වාගේම මුහුදු රැල්ලටත් පුදුමාකාර කැමැත්තක් දක්වනවා.
නත්තලේ අසිරි සිරිය කෑම මේසයට රැගෙන එන චිකන් හැම් රැප් නත්තල් ගසකි මේ. සවස තේ මේසයට සේම රාත්‍රී ආහාරය සඳහා වුවද සකසා ගත හැකි රැප් වර්තමානයේ තරුණ පිරිස බෙහෙවින්ම ප්‍රිය කරනා ආහාරයකි. මස්, මාළු, සැමන්, එළවළු මේ ඕනෑම රසයකට රැප් පිළියෙල කරන අතර මේ නත්තල උදෙසාම නත්තල් ගසක හැඩය එන පරිද්දෙන් සරසා ගත්තකි.
දැන් ආයෙමත් පාසල් නිවාඩුව. ලොකු අයියලා, අක්කලා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන නිසා නංගිලා, මල්ලිලාට මාසයක පාසල් නිවාඩුවක් ලැබුණා. මේ දවස්වල විභාගය ලියන දරුවෙක් නැති බොහොමයක් නිවෙස්වල සද්ද බද්ද , කෑකෝ ගැසීම් විතරක් නෙමෙයි පුංචි පුංචි රණ්ඩු සරුවල් නැත්තෙමත් නෑ. හැබැයි ඒ මොන දේ වුණත් පුංචි වෙලාවයි. ආයෙමත් පොඩ්ඩො ටික එකට එකතු වෙනවා.
ඉතින් දවස පුරාම දඟලන මේ පැටවුන්ට වරින්වර හැදෙන පොඩි බඩගින්නට ගැළපෙන අපූරු ආහාර වර්ග කිහිපයක් තමයි අද මෙලෙස පිරිනමන්නේ. අම්මයි බබාලයි කට්ටියම එකට එකතු වෙලා හදල බලන්නකො කොහොමද ප්‍රතිචාර කියලා.
හදමුද ගී බිස්කට් (ගිතෙල් බිස්කට්)
බිස්කට් කියන්නෙ පුංචි පැටවු වඩාත්ම ආසා කරන, පොඩි බඩගින්නට වැඩිහිටියන් පවා රසවිඳින කෙටි කෑමක්. ඒ නිසාම සෑම නිවෙසකම පාහේ ඕනෙම වෙලාවක බිස්කට් කියන දේ තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ හරිම ලේසියෙන් හදාගත හැකි බිස්කට් එකක් ගැන. මේකට ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය නෑ. හරි ඉක්මනින් හදාගන්නත් පුළුවනි. පුංචි පැටවු හරිම ආසාවෙන් රසවිඳිවි.
එහෙනම් බලමුකෝ මේ ගී බිස්කට් හදන්න මොනවද ඕනේ කියලා.
* පාන්පිටි ග්‍රෑම් 200ක්
* ගිතෙල් ග්‍රෑම් 100ක්
* අයිසිං සීනි ග්‍රෑම් 100ක්
* බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්
* වියළි පලතුරු කැබැලි හෝ වියළි මිදි
ස්වල්පයක් (අවශ්‍යම නැහැ)
* මුලින්ම ගිතෙල් ටික බඳුනකට දමා ළිප තබන්න. එය යාන්තම් රත්කර දිය කරගෙන පැත්තකින් තියාගන්න.
* ඉන්පසුව පාන්පිටි ටිකට බේකිං පවුඩර් මිශ්‍රකර දෙපාරක් හළාගන්න.
* අනතුරුව හළාගත් මේ පාන්පිටි ටික අයිසිං සීනි එකට මිශ්‍ර කරන්න.
* දැන් ගිතෙල් ටික ටික දමමින් හොඳට අතින් අනාගන්න. හැබැයි මේ මිශ්‍රණය ඩෝ එකක් වගේ එන්නේ නැහැ. නමුත් හරි පදම බලන්න නම් ඔයා මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන බෝල හදාගන්න පුළුවනිද කියලා බලන්න. බෝල හදාගන්න පුළුවනි නම් ඒක තමා හරි පදම.
* දැන් හොඳට අනා ගත්ත මේ මිශ්‍රණයෙන් ඔයාට කැමැති ප්‍රමාණයක් අරගෙන බෝල හදලා ඒවා ටිකක් තුනී කරලා තෙල් කඩදාසියක් උඩින් තියාගන්න. (මේ බෝල හදනවිට හොඳට අතින් තද කර කර හදාගන්න. නැත්තම් අල්ලපු ගමන්ම බෝල ටික කැඩෙන්න බලයි.)
* ඊටපස්සේ ඔයා කැමැති පලතුරු කැබැල්ලක් හෝ වියළි මිදි ගෙඩියක් තියලා අලංකාර කරගන්න. මේ පලතුරු කැබැලි බිස්කට් එක උඩ රඳවන විට පරිස්සමෙන් කිරීමට වගබලාගන්න. නැත්තම් මේ බිස්කට් කැඩෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.
* දැන් හදාගත්ත මේ බිස්කට් ටික සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයෙන් විනාඩි 20ක් බේක් කරන්න. බේක් වනවිට බිස්කට් එක උඩ මඳක් පැලිලා වාගේ ලස්සන පෙනුමක් ඒවි.
බේක් වුණු බිස්කට් ටික අවන් එකෙන් පිටතට ගත් විගස අල්ලන්න එපා. එවිට කැඩෙන්නට ඉඩ තියෙනවා. පසුව හොඳින් නිවුණු බිස්කට් ටික වීදුරු බෝතලයකට දමා සුළං නොවදින සේ වසා තබන්න. එවිට අවශ්‍ය වේලාවට පිටතට ගෙන රසවිඳිය හැකියි.
ඉදිරිපත් කිරීම - Bhagi's kitchen හි සූපවේදිනී
භාග්‍ය ගුණවර්ධන තෙන්නකෝන්
මොන තරම් රස කෑම හදලා කෑවත් බත් ටිකක් කනකන් අපේ බඩට විතරක් නෙවෙයි හිතටත් සතුටක් නෑනේ නේද? ඒත් ඉතින් එකම විදියට බත් උයලා, එළවළු, වෑංජන හදාගෙන කන එකත් හැමදාම කරන්න හිතෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ ඒකාකාරී කෑම වේලට වෙනසක් එකතු කරගන්න කැමැති නම් අද අපි මේ කියලා දෙන රසම රස බත් වර්ග හතර හදලා බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි නිවෙසට එන අමුත්තන්ට පිළිගන්වන්නත් මෙය කදිම ආහාර වේලක් වේවී. රස නහර පිනා යන මේ ආහාර වට්ටෝරු සකසා ඔබේ කෑම වේලටත් වෙනසක් එක්කර ගන්න.
ෆ්‍රයිඩ් රයිස්
මේ කියන්න යන්නේ ෆ්‍රයිඩ් රයිස් පහසුවෙන්ම හදාගන්න පුළුවන් විදිහක් ගැනයි. ඉතිං දවසේ වැඩ නිම වී නිවෙසට එන ඔබට රාත්‍රී ආහාර වේල සඳහා මෙය ඉතා පහසුවෙන් සකසන්න පුළුවන්.
බාස්මතී හාල් කෝප්ප 1ක්
එලවළු තෙල් තේ හැඳි 2ක්
තරමක් ගහගත්තු බිත්තර 2 (කහ මද, සුදු මද හොඳට කලවම් වෙන විදිහට බීට් කරගන්න.)
සිහින්ව කපාගත්තු බේකන් තීරු 2ක්
සුද්ද කරලා හීනියට ගා ගත්තු කැරට් ගෙඩි 1ක්
හීනියට කපාගත්තු ලූනු කොළ ගස් 2ක්
අධිශීතකල ග්‍රීන්පීස් කෝප්ප 1/2ක් (මේවගේ අයිස් ඉවත්වෙන්න ටිකක් වෙලා උණු වතුරේ පොඟවලා ගන්න.)
සෝයා සෝස් මේස හැඳි 1ක්
මේ බත් එක සරසගන්න ප්‍රමාණවත් තරම් තල ඇට (තේ හැන්දක් විතර)
බත් එක සරසගන්නත් එක්ක හීනියට කපාගත්තු ලූනු කොළ මේස හැන්දක්
පිසගන්නා ආකාරය
පළමුව බාස්මතී හාල් කෝප්ප 1 ගෙන බත පිස නිවෙන්න හරින්න.
ඊට පස්සෙ බත් ටිකක් තෙම්පරාදු කරගන්න පුළුවන් තරමේ තාච්චියක් (නොන්ස්ටික්, ඒ කිවුවෙ අඩිය ඇලෙන්නෙ නැති තාච්චියක් නම් වඩා හොඳයි)
මඳ ගින්නේ තෙල් ටිකක් රත් කරගන්න.
ඊට පස්සෙ මේ රත් වෙච්ච තෙල්වලට බිත්තර එකතු කරලා, ඔම්ලට් එකක් විදිහට බැදෙන්න ඉඩ හරින්න. බිත්තර හොඳට තැම්බෙනකන් ළිපේ තබා වෙනත් භාජනයකට මාරුකරගන්න.
බිත්තර ටික ටිකක් නිවුණට පසු පොඩි තීරුවලට කපාගන්න.
දැන් තාච්චියට බේකන් ටික දාලා විනාඩි 4ක් විතර, යන්තම් රන්වන් පාට වෙනකන් බැදගන්න. දැන් කැරට් ටික එකතු කරන්න. විනාඩියක් විතර බැදෙන්න හරින්න.
දැන් ග්‍රීන්පීස් ටිකයි, බත් ටිකයි, තෙම්පරාදුවට කපාගත්තු ලූනු කොළ ටිකයි තාච්චියට එකතු කරලා විනාඩි 3-4 ක් හැඳිගගා බැදගන්න.
ඉන්පසු එයට කපාගත්ත බිත්තර තීරු සහ සෝයා සෝස් එකතු කර හොඳට කලවම් කරගන්න. ගින්දරේ තියෙද්දිමයි කලවම් කරගන්න ඕනෙ.
දැන් අන්තිමට අපි අර කලින් බත් එක සරසාගන්න කපාගත්තු ලූනු කොළ සහ තල ඇටවලින් බත් එක සරසාගෙන ඉක්මනින්ම උණු උණුවෙම පිළිගන්වන්න.
නාසි ගු රාන්
නාසි ගුරාන් රයිස් කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමැති කෑමක් නේ. ඉතින් අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද නාසි ගුරන් රයිස් එකක් හදාගන්නේ කියලා. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.
පිසගත් බාස්මතී බත් කෝප්ප 2ක
කුඩාවට කැබලි කපාගත් කුකුළු මස් කෝප්ප 1 ½ක්
රවුමට කපාගත් දැල්ලෝ කෝප්ප ½ක් පොතු ඉවත් කර කපාගත් ඉස්සෝ කෝප්පයක්
කොටුවට කපාගත් කැරට් කෝප්ප ½ක් සිහින්ව ලියාගත් ගෝවා කෝප්ප ½ක්
සිහින්ව කපාගත් ලූනු කොළ මේස හැඳි 2ක්
කොටුවට කපාගත් ලොකු ලූනු ගෙඩි 1ක්
කපාගත් ඉදුණු අමු මිරිස් කරල් 2ක්
ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2ක්
සෝයා සෝස් සහ ෆිෂ් සෝස් ස්වල්පය බැගින් ලුණු කුඩු රස අනුව
ගම්මිරිස් කුඩු
බටර් මේස හැඳි 1ක්
බිත්තර 2ක්
චිලි පේස්ට් මේස හැඳි 1ක්
බඳුනක් ළිප තබා රත් කර බටර්, කුකුළු මස්, ඉස්සෝ සහ දැල්ලෝ එකතු කර හොඳින් බැදෙන්නට හරින්න. ඒ අතරවාරයේ එයට කැරට්, ලොකු ලූනු සහ අමු මිරිස් එකතු කරගන්න. මේ තෙම්පරාදුව මඳක් පසෙකට කර, වෙනත් බඳුනක් ළිප තබා ගසාගත් බිත්තර දෙක ඊට දමන්න. ඉන් පසු ගෝවා සහ චිලි පේස්ට් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන බත් කෝප්ප 2 එකතු කර බැදෙන්නට ඉඩ හරින්න. අවසානයට සෝයා සෝස්, ෆිෂ් සෝස් රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතු කරගෙන බත් එක පොඩි නොවෙන ආකාරයට මිශ්‍ර කරන්න. කපාගත් ලූනු කොළ ටික උඩින් ඉස පිළිගන්වන්න. කැමැති නම් අවසානයට බුල්සයි එකක් ද එක්කර රස බලන්න.
මට්න් බිරියානි
සාමාන්‍ය බිරියානි එකට වඩා අද හදන මේ එළුමස් සහ යෝගට් එකතුකර හදන බිරියානි එක තරමක් විශේෂයයි. එළුමස් වලට ප්‍රියතාවයක් නැති කෙනෙක්ට එළුමස් වෙනුවට කුකුළු මස් යොදා ගෙන චිකන් බිරියානි හඳන්නත් පුළුවන්.
බාස්මතී සහල් ග්‍රෑම් 500ක්
එළුමස් ග්‍රෑම් 30ක්
ලොකු අර්තාපල් අල 2ක්
ලොකු ලූනු ගෙඩි 2ක්
තක්කාලි ගෙඩියක්
යෝගට් මේස හැඳි 3ක්
අමු මිරිස් කරල් 4ක්
මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ස්වල්පයක්
බේ ලීෆ් කොළයක්, කරඳමුංගු ඇට 3-4ක් කරාබු නැටි 2ක්, ඉඟුරු සුදු ලූනූ පේස්ට් ස්වල්පයක්
කුරුඳු කැබැල්ලක්
වසාවාසි ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි ½ක්
බිරියානි මසාලා තේ හැඳි 1ක්
ගී බටර් හෝ පොල් තෙල් වර්ගවලින් එකකින් ස්වල්පයක්
ලුණු රස අනූව
තරමක් ලොකු කැබලි කපා හොඳින් පිරිසිදු කරගත් එළුමස්වලට මිරිස් කුඩු, කහ කුඩු, මසාලා පවුඩර්, යෝගට් සහ රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මස් ටික හොඳින් සීසන් වීම සඳහා පැයක් පමණ තිබීම අවශ්‍ය වෙනවා. ඉන් පසු ලොකු ලූනු සිහින්ව ලියා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. බඳුනක් ළිපේ තියා එයට ගී හෝ බටර් දමා රත් කරගන්න. එයට ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දමා මඳක් බැදෙන විට කපාගත් අමු මිරිස් සහ සීසන් කරගත් එළුමස් ටික දමා හොඳින් මිශ්‍ර කරමින් මඳ වෙලාවක් බැදගන්න. ඉන්පසු එයට බැදගත් ලොකු ලූනුවලින් අඩක්, තරමක් විශාලවට කපාගත් අර්තාපල්, තක්කාලි කැබලි, අවශ්‍ය පමණට ලූනු, කපාගත් මිංචි සහ කොත්තමල්ලි කොළ එකතු කර තවත් විනාඩි 15ක් පමණ කාලයක් පිසෙන්නට ඉඩ හරින්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. පුළුවන්කම තියෙනවා. මෙය හොඳින් තැම්බී මඳක් උකු ගතියට එනතුරු හිඳීම අවශ්‍ය වෙනවා. වෙනත් බඳුනක් ළිපේ තියා ගී එකතුකර රත්වෙන්නට ඉඩ හැර එයට කරඳමුංගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, බේලීෆ් සහ සෝදාගත් සහල් එක් කරගන්න. සාමාන්‍ය පමණට වඩා අඩුවෙන් වතුර යොදා බත පිසගන්න. ඉන්පසු තරමක් විශාල බඳුනක් ගෙන එහි අඩියට පිසගත් බත්, මස්, බැදගත් ලූනු, කොත්තමල්ලි සහ මිංචි කොළ මාරුවෙන් මාරුවට තට්ටු කිහිපයක් වශයෙන් දමාගන්න. මෙහි පියන වසා තවත් විනාඩි 15ක් පමණ මඳගින්නේ තම්බාගෙන, බෙරි නොවන සේ ප්‍රවේශමෙන් කවලම් කර ආහාරයට ගන්න.
උපදෙස්
විධායක සූපවේදී සුජිත් ආරියරත්න
විදුමිණි දිසාකරුණා
tharunie
බත් වෙනුවට ආහාරයට ගත හැකි මැකරෝනි, පැස්තා, ස්පැගති, නූඩ්ල්ස් වාගේ දේවල්වලට අපි කවුරුත් වැඩි රුචිකත්වයක් දක්වන්නෙමු. ඒ නිසාම බොහෝවිට විශේෂ කෑම මේසයකට බත්, මස්, මාළු, ව්‍යංජනවලට අමතරව මෙවැන්නක් එකතු කිරීමට බොහෝදෙනකු පුරුදුව සිටිති.
නත්තලට ම ආවේණික වන රතු, කොළ වර්ණයන්ගෙන් සැදුම්ලත් හරිම අපූරු රසකැවිල්ලක්.පෙනුම මෙහෙමනම් රස කොහොම ඇතිද?
නත්තල් කෑම මේසයට වාගේම කෙටි ආහාරයක් ලෙසින් තේ මේසයට ද එකතු කරගත හැකි මේ ෆිෂ් බොන් බොන් හරිම රසවත්. ඒ වාගේම අපූරු සැරසිල්ලක් ලෙසින් අමුතුම කළඑළියක් ද එකතු කරාවි. ෆ්ලේකි පේස්ට්‍රියත්, තම්බාගත් මාළු, අල ආදිය මිශ්‍ර කරගෙන සකසාගන්නා නිසාම කටට රස වාගේම පෝෂණ ගුණයත් ඉහළයි. විශේෂයෙන්ම ඒකාකාරී කෑම රසය ප්‍රතික්ෂේප කරන ඔබේ පොඩිත්තන්ට වාගේම වැඩිහිටියන්ටත් මේ ෆිෂ් බොන් බොන් අපූරු තිළිණයක්ම වේවි.
ආදරණීය මවගේ එහෙමත් නැත්නම් ආදරණීය දියණියගේ උපන් දිනයට මලින් පිරුණු බාස්කට් එකක් පිරිනමන්න පුළුවනි නම් මොනතරම් අගෙයි ද ? හැබැයි එය නිකම්ම නිකම් මල් නෙමෙයි. රසම රස කේක් මල් බාස්කට් එකක්.
ලස්සන සීනියාස් මලින් හැඩවැඩ වූ මේ මල් බාස්කට් එකේ කේක් එක සකසාගෙන ඇත්තේ රුලං පිටි එකතුකරලා. ඒ නිසා රස වාගෙම හරිම ගුණදායකයි. එහෙම
නම් අපි මුලින්ම කේක් එක සකසන කරගනිමු.
* බටර් ග්‍රෑම් 500ක්
* රුලං පිටි ග්‍රෑම් 500ක් (රුලං පිටි යොදා නොගන්නේ නම් පාන්පිටි ගන්න.)
* සීනි ග්‍රෑම් 500ක්
* වැනිලා තේ හැඳි 02ක්
* බනානා එසන්ස් බින්දු 2ක්
* බිත්තර 8ක්
* බේකින් පවුඩර් ග්‍රෑම් 25ක්
* කිරි මේස හැඳි දෙකක්
~ වියළි බඳුනක් ගෙන එයට බටර් හා සීනි දමා හොඳින් ගසාගන්න.
~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.
~ එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න.
~ රුලං පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.
~ ඉන්පසුව ගසාගත් බටර්, සීනි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න.
නැත්නම් අඩු වේගයෙන් බීට් කරන්න.
~ එයට කිරි ටික ද එකතු කරමින් හොඳින් කලවම් කරන්න.
~ දැන් කේක් මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන් කරන්න.
~ එක කොටසකට රතු වර්ණකයෙන් බින්දු දෙකක් සහ අනිත් කොටසට බිංදු තුනක් ලෙස එක් කරන්න. ඉතිරි කොටස ස්වාභාවික වර්ණයෙන්ම තබන්න.
~ අනතුරුව රවුම් හැඩයේ කේක් තැටි තුනක් ගෙන බේකින් පේපර් දමා සකස් කරගෙන කේක් මිශ්‍රණය පාට තුන වෙන වෙනම තැටි තුනට දමන්න.
~ දැන් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 08ක් පමණ අවන් එක රත් කරගෙන අනතුරුව විනාඩි 25ක් බැගින් කේක් තුන බේක් කරගන්න.
~ බේක් කරගත් කේක් ටික හොඳින් නිවෙන්නට තියන්න.
ඒ අතරේ බාස්කට් එකට හැන්ඩ්ල් එකක් සාදා සවි වෙන්නට තබාගනිමු.
~ ඒ සඳහා ෆොන්ඩන්ට් අයිසිං පොඩි කොටසක් ගෙන එයට අයිවරි කලර් බිංදු කිහිපයක් එකතුකර ෆොන්ඩන්ට් එක වර්ණ ගන්වන්න.
ඉන්පසු කඹයක් ආකාරයට සකස් කරගෙන නො.18 ප්‍රමාණයේ ඝනකම් කම්බියක් වටේ එක ළඟින් ඔතන්න. කම්බිය නවා හැන්ඩ්ල් එකක් විදියට සකස්කර වියළෙන්නට තබන්න.
දැන් කේක් එක හැඩ කරගනිමු. මේ සඳහා පළමුව බටර් අයිසිං සාදා ගත යුතුය .
* බටර් ග්‍රෑම් 750ක්
* අයිසිං සීනි ග්‍රෑම් 150ක්
* වැනිලා තේ හැඳි 1/2ක්
* කිරි මේස හැඳි දෙකක්
~ මුලින්ම බඳුනකට බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි ආදිය දමා ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.
~ දැන් සාදාගත් මේ බටර් අයිසිං එකෙන් 3/4ක ප්‍රමාණයක් බාස්කට් වියමන, මල් සහ කොළ සඳහා වෙන් කරගන්න.
~ ඉතිරි කොටස කේක් එක සැන්ඩ්විච් කිරීමට සහ හැඩ වැඩ කිරීමට තබාගන්න.
~ දැන් නිවුණු කේක් එක උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න.
~ කේක් ටික එක මත එක තබා සැන්ඩ්විච්කර ඉන්පසුව උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න.
~ මල් සහ කොළ සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එකෙන් පොඩි කොටසක් කොළ සඳහා ද වෙන් කරගන්න. ඉතිරිය මල් සහ වියමන සඳහා වෙන් කරගන්න.
~ ඒ බටර් අයිසිංවලට අයිවරි වර්ණය එක්කර ස්ටාර් නොසල් එක භාවිත කරමින් කේක් එක වටා වියමන කරගන්න.
~ මල් සඳහා වර්ණ එකතුකර නො. 104 පෙට්ල් නොසල් එක උපයෝගී කරගෙන සීනියාස් මල් පෙති නිර්මාණය කරන්න.
මැදට නො.2 නොසල් එක භාවිත කරන්න. අනතුරුව සාදාගත් මල් විනාඩි 15ක් අධි ශීතකරණයේ තබා කේක් එක මත රඳවන්න.
~ කොළ වර්ණකය දමා නො. 68 නොසල් එකෙන් කොළ නිර්මාණය කරන්න.
ඉන්පසු බාස්කට් එකේ හැන්ඩ්ල් එකද රඳවා නිර්මාණය අවසන් කරගන්න.
උපදෙස් හා ඡායාරූප
ඉතාලියේ පර්මා හි
ප්‍රවීණ සූපවේදිනී
ජනනී ගුරුසිංහ
Thrunie
සවස් කාලයේ තේ සාදය රසවත් කරන්නට කදිමට ගැළපෙන්නකි මේ සොසේජස් චීස් රිංග්. කටට රසට හැපෙන සොසේජස් සහ චීස් මනාව ගළපමින් සකසනා නිසාම පුංචි පැටවුන් ආසාවෙන් රස විඳීවි. පොඩිත්තන් සේම තරුණ, වැඩිහිටි කොයි කවුරුත් කැමැතිවන මේ කෙටි ආහාරය උණු උණුවේම සකසා ගත් විට ඉතා අපූරුය.
Page 20 of 43