Thursday, February 05, 2026
Follow Us
කඩල, මුංඇට මිශ්‍ර සව් කැඳ

කඩල, මුංඇට මිශ්‍ර සව් කැඳ


අවශ්‍ය ද්‍රව්‍ය

මුංඇට ග‍්‍රෑම් 50

කඩල ග‍්‍රෑම් 50

සව් ග‍්‍රෑම් 50

බාර්ලි ග‍්‍රෑම් 50

වියළි මිදි ග‍්‍රෑම් 50

රට ඉඳී ග‍්‍රෑම් 50

හකුරු ග‍්‍රෑම් 100

එනසාල් ඇට 3-4

පොල්කිරි කෝප්ප 02

අවශ්‍ය පමණට වතුර

රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

හොඳින් සෝදා ගරාගත් මුංඇට, කඩල භාජනයකට දමා රැයක් පෙගෙන්න හරින්න. පසු දින එ්වා වතුර එකතුකර තැම්බෙන්නට හරින්න. මුංඇට, කඩල බාගෙට තැම්බීගෙන එනවිට සව්, බාර්ලි, පොල්කිරි එකතු කර හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්නා අතරතුර වියළි මිදි, තලාගත් එනසාල්, ගා ගත් හකුරු, කපාගත් රට ඉඳි සමග රස අනුව ලුණුද එකතු කර මිනිත්තු කීපයකට පසු ළිපෙන් බා ගන්න.